“වැටියේ බෝම්බයක්‌  පිපිරී 14කට තුවාල..”

“වැටියේ බෝම්බයක්‌ පිපිරී 14කට තුවාල..”

Spread the love
  •  
  •  
  •  
  •  

අඟුණකොළපැලැස්‌ස පොලිස්‌ වසමේ වැටිය හන්දිය අසලදී 21 දා රාත්‍රි 9 ට පමණ දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමක්‌ දුරදිග යැමෙන් එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇත. ඔවුන් තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ. වැටිය හන්දියේදී සිදුවූ මෙම ගැටුමට සමනලගම සහ වැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් එක්‌වී ඇත. ඔවුන් අතර කාලයක සිට පැවතුණු ආරාවුලක්‌ හේතුවෙන් මෙම ගැටුම සිදුවී ඇති බව පොලිසිය පවසයි. තංගල්ල මූලික රෝහලේ තුවාල කරුවන් 10 දෙනකු සහ ඇඹිලිපිටිය මහ රෝහලේ 4 දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර එක්‌ අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. අත්බෝම්බය එල්ල කළ පුද්ගලයා පිළිබඳව මෙතෙක්‌ තොරතුරක්‌ ලැබී නැත. සිද්ධියට සම්බන්ධතාවත් සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනතිබේ. අඟුණුකොළපැලැස්‌ස පොලිසියේ ස්‌ථානාධිපති කීර්ති ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ ඉතිරි සැකකරුවන් සොයා පරීක්‍ෂණ සිදුකෙරේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!