වාරියපොළ පටලැවිල්ලේ විවිධ මත

Spread the love
  •  
  •  
  •  
  •  

(මෙය ජාතික ප්‍රශ්නයක්‌(වාරියපොළ) නොවේ. නමුත් මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක්‌ මාධ්‍ය මගින් ලැබුණ නිසා මේ විශේෂාංගය සකස්‌ කෙරිණි.)

වර්තමාන සමාජයේ කාන්තාවට සිදුවන හිංසන එන්න ඒනනම වර්ධනය වන සමයක මීට සති කිහිපයකට ඉහතදී වාරියපොළදී තරුණියකට උසුළු විසුළු කළ තරුණයකුට එරෙහිව නැගී සිටි එම කාන්තාවට විරුද්ධව මාධ්‍ය මගින් සමාජය පුරා විශාල හඬක්‌ නැගුවා. මේ සිද්ධිය පිළිබඳ සමාජයේ පිළිගත් නම් දැරූ කාන්තාවන් කිහිප දෙනෙකුගේ අදහස්‌ විමසා සිටියා.

කාන්තාවන්ට සමාජයෙන් සිදුවන හිරිහැරවල අඩුවක්‌ නැහැ. කතාවේ හැටියට ඇයත් ජනාකීර්ණ තැනකදී මේ පිරිමියාගේ නොහොබිනා කතාවකට ලක්‌වුනාලු. ඒ වගේ වෙලාවක ක්‍ෂණිකව කෝපයට පත්වීම මනුස්‌ස ස්‌වභාවය. ඒත් එහෙම කියලා මේ වගේ ප්‍රතිචාරයක්‌ දක්‌වන්න අපට කොහෙත්ම අයිතියක්‌ නැහැ. මේ කාන්තාව සිඳුකර තියෙන්නේ නීතිය තමන්ගේ අතට ගැනීමක්‌.

ක්‍ෂණිකව ආ කෝaaaපයකට වුණත් මේ වගේ හිත හිතා පහර දෙන්න පුළුවන්ද? ඇයට තිබුණේ මේ සම්බන්ධව වගකිව යුතු තැනකට පැමිණිලි කරන්න. ප්‍රති ප්‍රහාරයක්‌ එල්ල නොවුණු නිසා ප්‍රශ්නය ඉවර වුණා. එහෙම නැත්නම් ලොකු ෙ€දවාචකයකින් මේ කතාව කෙළවර වෙන්නත් ඉඩ තිබුණා.

කොහොම වුණත් මේ කාන්තාව මීට වඩා සිහි නුවණින් ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් කාන්තා අපට හරි ලැඡ්ජාවක්‌.

මාධ්‍යවේදිනියක්‌

…………

වර්තමාන සමාජයේ කාන්තාවකට බොහෝවිට මුහුණපාන්නට සිදුවන හිංසාකාරී තත්ත්වයකට තමයි මේ තරුණිය මුහුණ දෙන්න ඇත්තේ. වැරැද්ද තියෙන්නේ ඉක්‌මන් කෝපය තුළින් ප්‍රචණ්‌ඩකාරිත්වයක්‌ දක්‌වා ඇය ක්‍ෂණික තීරණයක්‌ ගැනීමයි.

අද තරුණියකට පමණක්‌ නෙමෙයි කුඩා දියණියකටවත් පාරේ බැහැලා යන්න බැහැ. ඔවුන් විවිධ තාඩන පීඩනවලට ලක්‌වෙන අවස්‌ථා බොහෝයි. ඒක වාචිකව හෝ ශරීර ස්‌පර්ෂ කිරීම වැනි ලිංගික හිංසනයක්‌ විය හැකියි. මෙවැනි සිද්ධීන් තුළින් ඇත්තටම පිළිබිඹු වෙන්නේ සමාජමය පරිහානිය තමයි.

යම් ආකාරයකින් අපි හැරී බැලිය යුතු දෙයක්‌ තමයි ඇයි මේ අය මේ තත්ත්වයට පත්වෙන්නේ කියන කාරණය. ආසියාවේ ආශ්චර්යය කරා යන රටේ සංවර්ධනයේ ලක්‍ෂණද මේ?

ඇත්තටම මේ සිදුවීම ගැන අපිට තියෙන්නෙ දර්ශන පටයක්‌ පමණයි. තරුණිය එසේ ප්‍රතිචාර දක්‌වන්න හේතු වුණේ ඇයි? මේ පහර දීමේ අවස්‌ථාවේ බාහිර පුද්ගලයෙක්‌ ඇයි මේ දෙදනා වෙනුවෙන් පෙනී නොසිටියේ කියන ගැටළු මතුවෙනවා.

මම කිසිසේත් තරුණියගේ මේ ප්‍රචණ්‌ඩකාරීත්වය අනුමත කරන්නේ නැහැ. මුළු මනින්ම ප්‍රචණ්‌ඩකාරීත්වයට කොටුවුණු සමාජයක්‌ තුළ මිනිසුන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු නොවී නීතිය තම අතට ගැනීම තමයි මම මෙහි දකින වැරුද්ද.

රසිකා හඳපාන්ගොඩ
උප සභාපති ලංකා ගුරු සංගමය

…………..

කාන්aතාවක්‌ පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ පහරදීම හොඳ ප්‍රවණතාවක්‌ නොවෙයි. ඇයට නොදියුණු මනසක්‌ තිබුණු නිසා තමයි පීඩනය විඳදරාගැනීමට නොහැකිව ආවේගශීලී වෙන්න ඇත්තේ.

ඔය කියන විදිහේ වාචික හිංසනයකට ඇය ලක්‌වුණානම් ඇගේ ආවේගශීලීත්වය සාධාරණයි. ඒ නිසා හිත සන්සුන් කරගත්ත කෙනෙක්‌ හැටියට කාන්තාවට පමණක්‌ මම වැඩි බර පටවන්නේ නැහැ. නමුත් කාන්තාවකට දුක දරාගැනීමේ ශක්‌තිය පිරිමියෙකුට වඩා වැඩියි. ඒ වගේම ලඡ්ජාශීලීත්වයක්‌ කාන්තාවට තියෙනවා. මේ කාන්තාවට ඉවසීම නැතිවීම තමයි මම දකින වැරැද්ද. මෙවැනි සිද්ධියකට මුහුණ දුන් පළමු කාන්තාව ඇය නොමෙයි. අතීතයේත් දහස්‌ ගණනින් මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. වර්තමානයෙත් වෙනවා. අනාගතයේත් වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් සමාජයේ මෙවැනි සිදුවීමක්‌ වුණු වහාම තමන් නීතිය අතට නොගෙන නීතිය භාරව සිටින පුද්ගලයින්ගෙන් ඒ සඳහා පිළිසරණ පැතීමයි.

මේ විපරීත වෙච්ච සමාජයේ මෙවැනි සිද්ධීන් විය හැකියි. හොඳම දේ එවැනි දේවලට අනුබල නොදී තමන් ආරක්‍ෂාවීමයි.

නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින්වහන්සේ
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ඡේHෂ්ඨ කථිකාචාර්ය

……….

මේ සිදුවීම පිළිබඳ කාන්තාව පැත්තෙන් බලද්දී තරමක්‌ දරදඬු සිද්ධියක්‌. කාන්තාවක්‌ සුකුමාල වෙන්න ඕනේ. කල්පනාකාරී වෙන්න ඕනේ. කාන්තාවකට අද සමාජයේ සිදුවන අරියාදු විහිළු තහළුවලදී සියයට අනූනවයක්‌ම ලැඡ්ජාව, බියගුළුකම නිසා අහක බලාගෙන යන තත්ත්වයක්‌ තමයි අපිට දකින්න පුළුවන්. ඇත්තටම වර්තමානයේ පිරිමින්ගේ විහිළු තහළුවල අන්තයක්‌ නැහැ. එවැනි අවස්‌ථාවක ප්‍රතිප්‍රහාරයක්‌ එල්ල කිරීම ගැන වරදක්‌ කියන්නේ නැහැ.

මම නම් දකින්නේ ඒ පිරිමි දරුවා ගැහැනු දරුවා පහර දෙන්න දෙන්න කරබාගෙන ඉන්න ඇත්තේ මේ දෙදෙනා අතර හෝ එහෙමත් නැත්නම් මේ පිරිමි දරුවාගේ හිතේ හරි ගැහැනු දරුවා පිළිබඳ යම් හැඟීමක්‌ හිතේ තියාගෙනද කියන්න බැහැ.

ඇත්තටම මෙවැනි සිදුවීම් සිදුවිය යුතු නැහැ. කාන්තාවකට ආත්ම ශක්‌තියක්‌ තියෙනවා. ඒ නිසා මේ ගැහැනු දරුවා තුළ හටගත් නිර්භීතත්වය ගැන සතුටුයි. නමුත් දුර දිග ගියා වැඩියි. යම් අකටයුත්තක්‌ වුණානම් එක කම්බුල් පහරක්‌ ගැහුවානම් ඇති. මෙහි ආදීනව තරුණයත් තරුණියට පහර දුන්නානම් මේ කතාව වෙන පැත්තකට පෙරලෙන්න තිබුණා. කෙසේ වෙතත් මේ පහරදීම මම නම් අනුමත කරන්නේ නැහැ.

ප්‍රවීණ ලේකා අනුලා ද සිල්වා

………..

මේ රටේ කාන්තා හිංසනය පිළිබඳව විවිධ විදිහට කතා කරනවා. මේ කතාවත් තවත් එක සිදුවීමක්‌ විතරයි. අපි මේ දෙදෙනා ගැනම පැහැදිලි තොරතුරු දන්නේ නැහැ. ගැහැනු ළමයාගේ ප්‍රතිචාරය නම් බොහොම සැර වැඩියි. අද කාන්තාවකට තනිපංගලමේ ගමන් බිමන් යද්දී බොහොම ගැටළුකාරී තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. එවැනි අවස්‌ථාවක පිළිතුරු දක්‌වන්න නොගිහින් ආරක්‍ෂාකාරීව එතනින් ඉවත් වීම තමයි හොඳම දේ. ගැහැනු ළමයගේ ඇඳුම්වලින් නම් අසංවරතාවක්‌ අපිට දකින්න ලැබුණේ නැහැ. ලංකාවේ සංස්‌කෘතිය පැත්තෙන් ගැහැනු දරුවාගේ හැසිරීම වැරදියි.

ගැහැනු ළමයින් සිටින දෙමාපියන් විශේෂයෙන් දැනගන්න ඕනේ ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේදි තරුණයන්ගේ උසුළු විසුළුවලට ලක්‌වෙන්නේ නැති, සදාචාර සම්පන්න, අනවශ්‍යය විදිහේ ආකර්ෂණයකට දරුවා ලක්‌වෙනාකරන දේ තෝරාගන්න. පිරිමි ළමයිනුත් දැනගන්න ඕනේ මෙවැනි සමාජ විරෝධී දේ කරන්න කලින් අපේ පවුල්වලත් කාන්තා පාර්ශවයේ අය ඉන්නවා නේද කියන එක.

කාන්තා හිංසනයකදි විරුද්ධ වීමේ අයිතිය ඇය සතුවුණත් නීතිය අතට ගත්ත එක නුවණට හුරු දෙයක්‌ නෙමෙයි.

ප්‍රදීපා සමරසිංහ
විදුහල්පති
කොළඹ දේවි බාලිකා විද්‍යාලය

………

ලංකාවේ මාධ්‍ය ඕපා දූප මට්‌ටමට වැටිලා. එසේ ප්‍රචාරය වුණු මේ සිදුවීමත් සාධරණීකරණය කරන්න බැහැ. අපි දන්නේ නැහැ මෙහි ඇතුලාන්තය. මාධ්‍ය මගින් දෙන ප්‍රචාරය මත හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අයථා වැඩක්‌ සිදුවීම මත දිගින් දිගටම එල්ලි එල්ලී යාම වැරදියි. මාධ්‍ය කතාන්දර හදලා ප්‍රචාරය කරනවා. යම් සිදුවීමක්‌ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමට පෙර මාධ්‍ය එහි තීන්දු තීරණ දිගහැරීම දුර්වල ක්‍රියාවක්‌ කියලයි මම නම් හිතන්නේ.

මේ සිදුවීමත් නඩුමගට බැහැලා තියෙන්නේ. මෙය දෙපාර්ශවයක්‌ අතර සිදුවීමක්‌. මම දකින විදිහට එය සමාජයට වැදගත් නැහැ. මේ දෙදෙනා අතර සම්බන්ධතාව අපි දන්නේ නැහැ. මෙවැනි ප්‍රචාරයන් තුළින් මේ දෙදෙනාම අසරණ වෙනවා. දෙපාර්ශවයම මුදලට යටවෙනවා. බොරු සාක්‍ෂිවලට ලක්‌වෙනවා. කාන්තා හිංසනය පිටුදකිsන්න ඕනේ කියන රටේ ආවේගශීලීවත්වයක්‌ මත තරුණියක්‌ ගත් මේ තීරණය පිළිබඳ ශ්‍රව්‍ය දෘෂශ හෝ ඕනෑම මාධ්‍යයකින් ප්‍රචාරය කිරීම ඉතාම අනුචිතයි.

ප්‍රවීණ නිවේදිකා
තිලකා රණසිංහ

………..

සමාජයේ පරිහානිය තමයි මෙවැනි සිදුවීම්වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ. මුදල් පසුපස හඹා යන සමජයේ මිනිසුන් අද යන්ත්‍ර බවට පත්වෙලා. ඒ මත අම්මා, තාත්තට තම දරුවන්ට හොඳ නරක කියාදෙන්න තරම් කාලයක්‌ වෙන්කරගන්න ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය දිගින් දිගටම ඉදිරියට යා යුතු හොඳ දෙයක්‌ නෙවෙයි.

මේ තරගකාරී රාමුව තුළ ඇතිවෙන මගහැරීම් නිසා තමයි දරුවෝ අකාලයේ සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවෙන්නේ. ඒ නිසා මෙවැනි දරුණු තීරණ මත ඉඳගෙන සමාජයේ වැරදි හදන්න අපිට බැහැ. එහිදී මේ සිදුවීම් පිළිබඳ තරුණියගේ දැඩි ආවේගශීලී හඬක්‌ නැගීමට පෙර තරුණියට සිදුවූ අසාධාරණයේ නීත්‍යානුකූලභාවය සොයා නොබලන්නේ ඇයි?

හෘද රෝග විශේෂඥ වෛද්‍ය

ලලනි කපුරුගේ

……..

වීඩියෝ පටයක්‌ තුළින් පමණක්‌ මේ සිදුවීමේ හරි වැරැද්ද නිශ්චය කරන්න බැහැ. මේ තරුණිය අසීමිතව එක දිගට මේ තරුණයාට පහර දෙනවා. නමුත් ඔහු එය නිහඬව විඳ දරා ගනිමින් සිටිනවා. කිසිම විරෝධයක්‌ දක්‌වන්නේ නැහැ.

නඩු නිමිත්තකින් පමණක්‌ යම් තීරණයක්‌ සලකාබලමින් රූප මාලාවක්‌ ඔස්‌සේ දකින දේ අනුව හරි තීරණයක්‌ ගන්න බැහැ. කාන්තාවකට මහ මග, කාර්යාලවල, බස්‌ රථවල නිවසක්‌ තුළ තියෙන ප්‍රචණ්‌ඩත්වය එන්න එන්නම වැඩිවෙනවා. ස්‌ත්‍රී ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව කටයුතු කිරීම හොඳ ලකුණක්‌ හැටියට මම දකිනවා. සදාචාරවත් බව, මානව අයිතිවාසිකම්, කැපකිරීම්, මානසික අයිතීන් පිරිහෙන වෙලාවක මෙවැනි සිදුවීමක්‌ තුළ සමාජ පෙළඹිය හැකියි. ප්‍රචණ්‌ඩත්වයක්‌ දක්‌වන කෙනාට නිරිපද් ද්‍රිතව රුඳී සිටීමට බැරි බවට කරන හොඳ සංඥවක්‌ විදිහට තමයි මම දකින්නේ. සමාජයට හොඳ සාධනීය දැක්‌මක්‌ මේ තුළින් ලැබෙනවා. ඒක හොඳ දෙයක්‌. මෙහි ඇතුලාන්තය අපට කතා කරන්න. බැරි වුණත් මතුපිටින් කියන්න පුළුවන් කාන්තා හිංසනය පිළිබඳ මෙය හොඳ ප්‍රවණතාවක්‌.

ජයන්තා රුක්‌මණී සිරිවර්ධන
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනී

………..

සාමාන්‍ය සිදුවීමක්‌ මාධ්‍ය මගින් පුළුල්ව හුවා දැක්‌වූවා. මේ මාධ්‍ය සදාචාරයට මම නම් විරුද්ධයි. ඒ නිසා මම මෙහි ලොකු බරපතළ වරදක්‌ දකිනවා. මේ සිද්ධිය සමාජගත වීම තුළ මේ පිරිමි ළමයට වගේම ගැහැනු ළමයටත් මානසිකව බලපාන ප්‍රශ්නයක්‌ වුණා.

කාන්තාවක්‌ හැටියට මුලින්ම මේ සිදුවීමට ආරම්භය ගනිද්දිම එතැනින් මග හැරලා ගියානම් අද ඇයත් මෙතරම් සමාජයේ යම් අප්‍රසාදයකට ලක්‌වෙන්නේ නැහැ.

පහර දිය යුතු තරමේ සිදුවීමක්‌ නොවන හැටියටයි මම නම් මේ සිදුවීම දකින්නේ. තමන්ට කෝපය ආව නම් එක පාරක්‌ ගහලා යන්න තිබුණා. දිගින් දිගමට පහරදීම මම අනුමත කරන්නේ නැහැ. අප නීතිය අතට ගන්න එක වැරදියි. සමහර විට මේ පහරදීම් හමුවේ පිරිමියාගේ ඉවසීම ඉක්‌මවා ගොස්‌ ඔහු තරුණියට පහර දුන්නානම් මීට වඩා ලොකු හානියක්‌ වෙන්න තිබුණා. වාචිකව උසුළු විසුළු කිරීම සාමාන්‍ය සිදුවීමක්‌. මම නම් මේ සිදුවීම සමබරව දකින්නේ. තරුණිය පවසන විදිහට බරපතළ

මේ දෙදෙනාගේ වයස්‌ මට්‌ටම් දිහා බලද්දි දරාගැනීමේ ශක්‌තිය අඩුයි. මේ ගැන මාධ්‍ය මගින් ලොකු ප්‍රවණතාවක්‌ දැක්‌වීමත් වරදක්‌ හැටියට මම දකිනවා. මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්‌. පොඩි ප්‍රශ්නයක්‌ මෙතරම් ගණන් ගත යුතු නැහැ කියන එක තමයි මම දරන මතය.

වෛද්‍ය රම්‍යා ප්‍රේමරත්න

ලක්‌මිණී අතුකෝරල

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!