“වාර්තා පොත අලුත් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සටන අද ඇරඹෙයි”-(සජීවී විකාශය මෙන්න)

“වාර්තා පොත අලුත් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සටන අද ඇරඹෙයි”-(සජීවී විකාශය මෙන්න)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේදී අද (20) ආරම්භ වනවා. පළමු තරගයෙන් ජය හිමිකර ගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. එ් අනුව මෙම තරගාවලිය 1ට 0ක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා. කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග ගණන 41ක්. ශී‍්‍ර ලංකාව ඒවායෙන් 19ක් ජයග‍්‍රහණය කර තිබෙනවා. එස් එස් සී ක‍්‍රීඩාංගණයේදී ශී‍්‍ර ලංකාව පරාජය වී ඇති තරග ගණන 8ක්. තරග 14ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. දකුණු අපිි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරග 5ක් පවත්වා ඇති අතර ඉන් තරග 2ක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. එක් තරයක් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජයගත් අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වි තිබෙනවා.අද තරගයේදී කොළඹ එස්එස්සී කී‍්‍රඩාංගණය ආසියාවේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණය ලෙස වාර්තා පොත්වලට එක්වීමට ද නියමිතයි. මේ වනවිට ආසියාවේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණ වූයේ කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් සහ කරච්චි නුවර ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයයි. ඒවායේ ටෙස්ට් තරග 41ක බැගින් පවත්වා තිබෙනවා.ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ කී‍්‍රඩාංගණය වන්නේ ලන්ඩන් නුවර ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයයි. එම කී‍්‍රඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 136ක්.මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ට අද ආරම්භ වන තරගයට සහභාගී වන්නේ සිය ටෙස්ට් ලකුණු 5000 සම්පූර්ණ කිරීමට තවත් ලකුණු 08ක් පමණක් ඉතිරිව තිබියදී. එයද මෙම තරගයේ විශේෂත්වයක් වනවා.

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!