“වහාම මුස්ලිම් වරුන් ලංකාව අල්ලා ගත යුතුයි”-සහාරාන්ගේ ඉගැන්වීම හෙළිකළ මවුලවි මොහොමඞ් සහිලාන් සංවේදී වෙයි

“වහාම මුස්ලිම් වරුන් ලංකාව අල්ලා ගත යුතුයි”-සහාරාන්ගේ ඉගැන්වීම හෙළිකළ මවුලවි මොහොමඞ් සහිලාන් සංවේදී වෙයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

සහරාන්ගේ රාජ්‍ය විරෝධී දේශන සාක්කි ඇතිව ජනපතිට, අගමැතිට, පොලිස්පතිට ඉදිරිපත් කළත් පිළිතුරක් ලැබුණේ නෑ; කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජහිිඞ් සංගමයේ මවුලවි මොහොමඞ් සහිලාන් සුනිත් ප‍්‍රතිපත්තිය අනුගමනය කරන ඉස්ලාම් ජනතාව උදෙසා ආගම දේශනා කරනවා. මේ අන්තවාදී ප‍්‍රහාරය සම්බන්ධ ඉතිහාසය මා පවසන්නම්. සුනිත් පල්ලිය සාමාජික මුස්ලිම්වරුන්ගේ කටයුතු සිදු කරනවා. කෝපය, වංචාව සහ ගතිගුණවලින් තොරව පිරිසිදු මිනිසුන් ලෙස ජීවත් වීම අවධාරණය කරනවා.  සහරාන් ආරම්භයේදී කාත්තන්කුඩිය අරාබි විද්‍යාලයේ ඉස්ලාමිය ඉගෙනුම් කළා. පසුව 2005 දී අර්බුදයක් ඇති වී ඉවත් වුණා. ඉන්පසු කුරුණෑගල අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය කළා. ඒ මස්කූර් නමැති මද්‍රසා පාසලේ.  මොහු යහළුවන් කීප දෙනකු සමඟ දරුල් අදර් අදාවියා නමැති අන්තවාදී සංවිධානය ආරම්භ කළා. 2009 හෝ 2010 දී ඔවුන් ජපානයට ගිහින් යළි පැමිණ ඒ සංවිධානය සමගින් ගැටුම් ඇති වී ඉවත් වුණා. 2011 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කළා. 2015 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය කාත්තන්කුඩි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කරනවා. කුඩා පැල්පතක් ලෙස තිබූ කාර්යාලය දැන් විශාල  අපි අපේ පල්ලිවල ජාති භේද නැතිව අවුරුද්දකට දාන පහළොවක් විතර ලබා දෙනවා. මේ දානය ඌරු මස් කෑමට සමාන බව යැයි කියමින් සහරාන් ප‍්‍රචාරය ගෙන ගියා.  නැගෙනහිර අණදෙන නිලධාරිවරයාටත් අපි 2015 දී පැමිණිලි කළා. මේජර් ජෙනරාල් ලාල් පෙරේරාට. ඔවුන් සහරාන්ව කැඳවා මෙවැනි ප‍්‍රශ්න ඇති නොකරන ලෙස අවවාද කළා. සහරාන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නෑ.  2015 මහ මැතිවරණයේදී කාත්තන්කුඩි අපේක්ෂකයන්ට බලපෑම් කර ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ අන්තවාදී දේ සඳහන් කළා.  සරත් ෆොන්සේකා මහතා – 2015 ජනාධිපතිවරණයේදී ඔහු මොනවද කළේ.
 සාක්ෂිකරු – ඔහු එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට විරුද්ධවයි කටයුතු කළේ. මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතායි තරග කළේ. සුනි සාමාජිකයන් දස දහසක් පමණ කාත්තන්කුඩි ජීවත් වෙනවා.  මේ ගිවිසුම අන්තවාදී ගිවිසුමක්. අප මේ ගිවිසුමට විරුද්ධ වුණා. අපට අවමන් කළා. නත්තල් උළෙල සැමරීමට විරුද්ධවත් කතෝලිකයන්ට එරෙහිව සහරාන් කතා කර තිබුණා. ඒ 2016 දෙසැම්බර් මාසෙට කලින්. ඒ සඳහා ඔහු සී. ඞී. පට නිකුත් කර තිබුණා. රටට ආදරය කිරීම ඉස්ලාම් දහමට අදාළ නැති බව සහරාන් කියා තිබෙනවා. ඔහු අයි. එස්. අයි. එස්. සංවිධානය ගැන තමයි කියන්නේ. ලංකාවේ ජාතික කොඩිය එසවීම ඉස්ලාම් රාජ්‍යයට පටහැනි බව ඔහු ප‍්‍රකාශ තුනක් කර තිබෙනවා. ඒ සී. ඞී. පටය අසන්න. ලංකාවේ ඉස්ලාමිය කොඩිය ලෙල දෙන්න ඕනේ. ලංකාව මුස්ලිම්වරුන් විසින් අල්ලාගත යුතුයි කියමින් රටට විරුද්ධව ඔහු කතා කළා. අනෙක් ආගම්වල අය මරන්න ඕනෑ කියා සහරාන් පැවසුවා. ඒ පිළිබඳ ලිපියක් 2017 වසරේ සකස් කර ජනාධිපතිතුමාගේ කාර්යාලයට භාරදුන්නා. එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂාව භාර ඇමැති සාගල රත්නායක, අගමැතිවරයාගේ කාර්යාලයට, රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමාගේ කාර්යාලයට මෙම පැමිණිල්ල මුස්ලිම් නොවන අය මරා දැමිය යුතුයි කියමින් සහරාන්ගේ ප‍්‍රචාරයන් හා ප‍්‍රශ්න රැුසක් විය හැකි බවට සහරාන්ගේ දේශන සහිත සී. ඞී. පට තුනක් සමඟ භාර දුන්නා.  අපට අගමැති කාර්යාලයෙන් ලිපියක් ලැබුණ අගමැතිතුමාගේ අවධානයට යොමු කළා කියා. අපි නීතිපතිතුමාටත් පැමිණිලි කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට උත්තරයක් ලැබුණා. අපි වැඩ කළේ මුස්ලිම්වරුන් පමණක් රැුක ගන්න නොවේ අපේ රට රැක ගන්නයි පැමිණිලි කළේ. ඒත් අපට තර්ජන ආවා.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!