වස කිරි පැකට් බෙදුවේ “වහ පාලුවන්ගේ” ලොතරැයි මණ්ඩලේ වාහනෙන්… මෙන්න සාක්ෂි (VIDEO)

වස කිරි පැකට් බෙදුවේ “වහ පාලුවන්ගේ” ලොතරැයි මණ්ඩලේ වාහනෙන්… මෙන්න සාක්ෂි (VIDEO)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

මුදල් අමාත්‍යංශයට අයත් වෑන් රථයකින් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට විෂ වූ කිරි පැකට් බෙදාහැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය අද (09) අනාවරණ කළේය.
එම වෑන් රථයේ රූප රාමු සහ එම වෑන් රථයේ ධාවන සටහන් ද එම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරනු ලැබීය.
ජනබලය කොළඹට යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී කිසියම් පිරිසක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී බෙදා දුන් විෂ සහිත කිරි පැකට් පානය කිරීමෙන් විරෝධතාකරුවන් හදිසි රෝගී තත්ත්වයන්ට මුහුණ පෑවේය.
එලෙස බෙදාදුන් කිරිපැකට්වලට සමාන කිරිපැකට් සහිත පෙට්ටි තොගයක් බත්තරමුල්ල, උඩුමුල්ල මාර්ගයේ අතුරු මාර්ගයක තිබීයදී ඉකුත් සෙනසුරාදා සොයා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල වු අතර අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව අදහස් පල විය.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේ කිරිපැකට් බෙදා හරින ලද වාහනය පිළිබඳව අනාවරණයක් කළේය.
මේ අතර විෂ සහිත කිරි පැකට් බෙදා හරිනු ලැබූ වාහනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය අද දහවල් මාධ්‍ය හමුවක් කැදෙව්වේය.
ඔවුන් අනාවරණය කළ පරිදි ND 3094 දරන KDH වර්ගයේ වෑන් රථය කොළඹ වෝක්ෂෝල් වීදියේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් වාහන අංගනයේ නවතා තිබෙනු අයුරු අද උදෑසන දක්නට ලැබි ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද පස්වරුවේ මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද අද පිටකොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳ සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!