වසර 13ක් පඩි නැතිව සිටි සෞදියේ ලාංකික කතට සෞදි රියාල් 68,000ක් ගෙවන්න අධිකරණයෙන් නියෝගයක්

වසර 13ක් පඩි නැතිව සිටි සෞදියේ ලාංකික කතට සෞදි රියාල් 68,000ක් ගෙවන්න අධිකරණයෙන් නියෝගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

කිසිදු ගෙවීමක් සිදු නොකර වසර 13 ක කාලයක් ගෘහ සේවයේ යෙදවූ ශ්‍රී ලාංකික කාන්තාවකට සවුදි රියාල් 68,000 ක වන්දියක් ගෙවන ලෙසට සවුදි අරාබියානු ජාතිකයෙකුට එරට මහාධිකරණයක් විසින් නියෝග කර තිබේ.
මීට අමතරව අදාළ කාන්තාව යළි ශ්‍රී ලංකාවට යැවීම සඳහා ගුවන් ගාස්තු ද ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.
59 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව මසකට සවුදි රියාල් 400 ක වැටුපක් සඳහා සවුදි අරාබියට පැමිණ ඇති බව සඳහන්ය.rath
කෙසේ වෙතත් අදාළ කාන්තාව සේවයට පැමිණි දිනයේ සිට කිසිදු වැටුපක් ලබා දී නොමැති බවට සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබී තිබු අතර ඒ අනුව අදාළ සවුදි අරාබියානු ජාතිකයා එරෙහිව මහාධිකරණයක් හමුවේ නඩු පවරා තිබුණි.
කෙසේ වෙතත් මහාධිකරණයේ තීන්දුවට එරෙහිව එම සවුදි අරාබියානු ජාතිකයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!