“වතුර නොබිව්වොත් භයානක තත්වයක්….” – රතන හිමිට වෛද්‍යවරුන්ගෙන් අනතුරු හැඟවීමක්

“වතුර නොබිව්වොත් භයානක තත්වයක්….” – රතන හිමිට වෛද්‍යවරුන්ගෙන් අනතුරු හැඟවීමක්

Spread the love
  • 24
  •  
  •  
  •  
    24
    Shares

දින 3 කාලයක් උපවාසයෙහි නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යහපත්සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසති. ඉකුත් 31 දින පෙරවරු එකොළහට පමණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙහි වාඩිවී අඛණ්ඩඋපවාසයක නිරත වන උන්වහන්සේ පරීක්ෂාකිරීම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් විටින්විට සිදු කරති.
විජලනය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේනිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා උන්වහන්සේට උපදෙස් දුන්නේය. මේවන විට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවත් ජූනි 06වන දින පමණ වන විට ආහාර නොමැතිකමහේතුවෙන් උන්වහන්සේගේ ශරීර ශක්තිය පිරිහී විජලනය හා යම් යම් දුබලතාවන්ට පත්විය හැකි යැයි දවෛද්‍යවරුන් පැවසූහ.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!