වතුරත් නැතිවෙන ලකුණු..!

වතුරත් නැතිවෙන ලකුණු..!

Spread the love
  •  
  •  
  •  
  •  

ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය එක්ව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් ජල සැපයුම අඩාල වීමේ අවදානමක් මතුව තිබේ. මේවන විටත් රාත්‍රී නඩත්තු සේවාවලින් සහ අතිකාල සේවාවලින් ඔවුන් ඉවත් වී සිටින බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක ප්‍රකාශ කලේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉල්ලීම් ලැබෙන තෙක් වෘත්තිය ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඒ හේතුවෙන් සතිඅන්තයේ ජල සැපයුම බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ වැටුප් වැඩිවීම් සහ තනතුරු සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකෙරෙන බවයි. කෙසේ වෙතත් ගැටලුවලට විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට වුවද තීරණය කර ඇති බව ඔවුන් ප්‍රකාශ කලේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!