” වත්මන් පාලකයෝ විගණන දෙපාර්තමේන්තුව නැත්තට නැති කළා ” – විගණකාධිපති

” වත්මන් පාලකයෝ විගණන දෙපාර්තමේන්තුව නැත්තට නැති කළා ” – විගණකාධිපති

Spread the love
  •  
  •  
  •  
  •  

විගණන පනත් කෙටුම්පත සම්මත කිරීම දිනෙන් දින ප්‍රමාද කිරීම නිසා ස්‌වාධීන විගණන කොමිෂන් සභාව වසර දෙකහමාරක්‌ තිස්‌සේ අක්‍රීයව පවතින බව විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.යහපාලන ආණ්‌ඩුව බලයට පත්වූ පසුව දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්‌වාධීන කොමිෂන් සභාවක්‌ බවට පත්කළ ද ඊට අදාළ බලතල ලබාදෙන විගණන පනත් කෙටුම්පත මෙතෙක්‌ අනුමත කර නැතැයි විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේය.මේ නිසා විගණන කොමිෂන් සභාවේ ශක්‌තිය අක්‍රීය වී ඇතැයි ද පනතේ ඇති අධිභාර වගන්තිය නිසා මෙය සම්මත කිරීම ප්‍රමාද කෙරෙන බව ද විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා පැවසුවේය.විගණන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරුන් පහළොස්‌ දෙනකු සිටිය යුතු මුත් දැනට සිටින්නේ එක්‌ නියෝජ්‍ය විගණකාධිපතිවරයකු පමණක්‌ බව කී ගාමිණී විඡේසිංහ මහතා දාහතර දෙනකුගේ රාජකාරී කටයුතු එක්‌ අයකුට කිරීමට සිදුව ඇතැයි ද කීය. එපමණක්‌ නොව දෙපාර්තමේන්තුවේ උසස්‌වීම්, බඳවා ගැනීම්, වැටුප් ගෙවීම් ආදී සියල්ලට මේ නිසා බාධා එල්ල වී ඇතැයි ද කී විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත විය යුතු පනත් කෙටුම්පතේ එක්‌ වගන්තියකට අමාත්‍ය ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් බියවීම නිසා විගණන කොමිසමේ කාර්ය භාරය අඩපණ වී ඇතැයි ද කීය.පනත් කෙටුම්පත සම්මත නොවීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ද කී විගණකාධිපති ගාමිණී විෙ-සිංහ මහතා පනත් කෙටුම්පත ගැසට්‌ කරන ලෙසත් සංශෝධන අවශ්‍ය නම් ඉන්පසු කළ හැකි බවත් කීවේය.ස්‌වාධීන විගණන කොමිෂන් සභාවේ ගොඩනැඟිලි තිබුණත් සේවකයන් සිටියත් අක්‍රීය තත්ත්වයේ තිබෙන නිසා පනත ක්‍රියාත්මක තත්ත්වයට ගෙනැවිත් කොමිෂන් සභාව සක්‍රීය කරන ලෙස ද ඊයේ (18 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී විගණකාධිපතිවරයා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේය.

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!