ජනතා සේවයට ඇවිත් මන්ත්‍රීවරියන් සමඟ මඟුල් නටන නාකි මනමාලයා

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කරන මන්ත්‍රීවරියන් සිටින්නේ 12ක් පමණක් වේ. ඒ අතුරින් 8දෙනෙකු පමණ වයස අවුරුදු 50 ඉක්මවූ අය වේ. රටේ උත්තරීතර ආයතනය නියෝජනය කරන්නට මහජන ඡන්දයෙන් තේරීපත්ව ආ මේ මන්ත්‍රීවරියන්ට සමහර මැති ඇමතිවරුන්ගෙන් බේරී ඉන්නට මායම් යොදන්නට සිදුව ඇති බව වාර්තාවේ.ඒ නිසාම මේ පිළිබඳව රටේ ඉහළම පෙලේ කිහිප දෙනෙකුට මන්ත්‍රීවරියන් විසින් පවසා ඇතත් ඒ ගැන අවධානය යොමුකර ඇති ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විනයගරුකව හැසිරීමට තරවටුවක් කර ඇති බව වාර්තාවේ.

මේ චෝදනාව එල්ලව ඇත්තේ වයස්ගත ඇමති සහ මන්ත්‍රීවරුන් පිරිසකටය. මේ මනමාලයින්ගෙන් එක් අයෙකු එක් තරුණ මන්ත්‍රීවරියක් දකින දකින තැනදී අත අල්ලා ආචාර කිරීමට ඉමහත් කැමැත්තක් දක්වන බව ප්‍ර‍කටය. ආචාර කරන්නට අල්ලා ගන්නා අත අතහරින්නට කිසිම උවමණාවක් ඔහුට නැති බවද , දිගින් දිගටම අත තද කරමින් සිටින්නට මේ නාකි මන්ත්‍රීවරයා උත්සාහ කරන බවද ඇය සමීප හිතවතුන් සමග පවසා තිබේ. ලොබියේදී කාන්තා මන්ත්‍රීවරියන්ගේ අඟපසඟ වලට නොමනා කතා කියන මන්ත්‍රීවරුද කිහිප දෙනෙකුම සිටින බව කාන්තා මන්ත්‍රීවරියන් පවසා තිබේ.කෙසේ වෙතත් තරුණ මන්ත්‍රීවරුන් මේ චෝදනාවෙන් නිදහස්ව ඇති බව වාර්තාවේ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!