වත්තල හමුදා වෙඩි පහරින් අයෙක් මරුට..අයෙක් රෝහලට

වත්තල හමුදා වෙඩි පහරින් අයෙක් මරුට..අයෙක් රෝහලට

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.අද (11) වත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී  වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේදී අදාල වාහනයේ රියදුරු විසින් රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර ඇති අතර  එම අවස්ථාවේදී රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.අදාල වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.එසේම ඉන් පැයකට පමණ පසු එම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!