“වංචා කල මුදලින් රුපියල් ලක්ෂ 750 ගෝනියක් රනිල්ට දුන්නා…” – ඇලෝසියස්

“වංචා කල මුදලින් රුපියල් ලක්ෂ 750 ගෝනියක් රනිල්ට දුන්නා…” – ඇලෝසියස්

Spread the love
  • 814
  •  
  •  
  •  
    814
    Shares

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු “මව්බිම” පුවත්පත වාර්තා කර සිටී.
එම පුවත්පත වාර්තා කරන අන්දමට මෙම මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් බාරදී තිබෙන්නේ 2015 ජුලි 2 වෙනිදා කොළඹ 3 5 වෙනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේදීය.
මෙදින රාත්‍රී 8 පමණ අර්ජුන ඇලෝසියස් එම නිවෙසට පැමිණෙන බව දැනුම්දීමෙන් අනතුරුව ඔහුට කෙලින්ම තම නිවෙසට පැමිණීමට අවසර දෙන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් තම ආරක්ෂකයින්ට දැනුම්දී ඇත.
“මව්බිම” පුවත්පතට ලැබී ඇති තොරතුරු අනුව ඇලෝසියස්, රනිල් වික්‍රමසිංහගේ නිවසට යන විට තවත් පුද්ගලයෙකු එහි සිට ඇති අතර එම හේතුව නිසා රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගොස් මිලියන 75 මුදල් ගෝනිය ලබා ගෙන ඇත. ඉන් අනතුරුව පැය භාගයකට පමණ පසුව ඇලෝසියස් එම නිවසින් පිටව ගොස් ඇත.
මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරු එම පුවත්පත් සමාගම සතුව ඇති බවට අවධාරණය කර සිටී.

(Visited 741 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!