ලෝකෙම හෙල්ලෙයි-යුධ ගිණි ඇවිලීමට තව ඇත්තේ හොරා කිහිපයි

ලෝකෙම හෙල්ලෙයි-යුධ ගිණි ඇවිලීමට තව ඇත්තේ හොරා කිහිපයි

Spread the love
  • 71
  •  
  •  
  •  
    71
    Shares

ඇමරිකා එක්‌සත් ජනපදය සහ ඉරානය අතර සැබෑ යුද්ධයකට ආසන්න මට්‌ටමේ වාචික ප්‍රහාර ආරම්භ වී තිබේ. ඇමරිකාවට දැඩි ලෙස අවවාදාත්මක ප්‍රකාශයක්‌ සිදු කරමින් ඉරාන ජනාධිපති හසන් රොහානි පවසා ඇත්තේ ඉරානය සමඟ ඇමරිකාව යුධ වදින්නේ නම් එය මෙතෙක්‌ ඇමරිකාව සිදු කළ සියලුම යුද්ධවලට වඩා විශාල යුද්ධයක්‌ වනු ඇති බවයි. එසේම ඉරානය සමඟ සාමය ඇමරිකාව විසින් ඇති කරගනු ලබන විශාලතම සාමය වනු ඇතැයිද ඉරාක ජනාධිපතිවරයා පවසා තිබේ.මේ වන විට ඉරානයට ඇමරිකාව විසින් පනවා ඇති දැවැන්ත සම්බාධක නිසා ලොව විශාලතම සමාගම් ගණනාවක්‌ ඉරාන වෙළෙඳපොළෙන් ඉවත් වෙමින් සිටිති.ඇමරිකාව විසින් සෙසු රටවලට ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමද නතර කරන ලෙසට දැනුම් දී තිබේ.මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ප්‍රතිචාර දක්‌වමින් පවසා ඇත්තේ ඇමරිකාව අභියෝග කරන ඉරානයට යළි කිසි දිනෙක අත්නොවිඳි ආකාරයේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි.ඉරානය හා ඇමරිකාව අතර පවතින මෙම විරසකය ලෝක ආර්ථිකයට බෙහෙවින් බලපා ඇති අතර ඇමරිකාවේ බලපෑම් නිසා ඉරානය සමඟ ගනුදෙනු නොකිරීමෙන් සෙසු රටවල ආර්ථිකයට විශාල පාඩු සිදුව තිබේ.

2018-07-24

(Visited 269 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!