ලෝකයේ බිහිවු සුපිරි යෝකර් රජු ලසිත් මාලිංග කැනඩාවේ 20 20 තරගාවලියෙ වැඩ පෙන්වයි. තහනම් වූ වෝනර්ත් ඒ අතර

ලෝකයේ බිහිවු සුපිරි යෝකර් රජු ලසිත් මාලිංග කැනඩාවේ 20 20 තරගාවලියෙ වැඩ පෙන්වයි. තහනම් වූ වෝනර්ත් ඒ අතර

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

නඩා ග්ලෝබල් ලීග් විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය ලෙස Winnipeg Hawks කණ්ඩායම හා ලසිත් මාලිංග නායකත්වය දරන Montreal Tigers කණ්ඩායම අතර කැනඩාවේ කිංග් සිටි හීදි පැවැති තරගයෙන් ලකුණු 46ක ජයක් ලැබීමට බ‍්‍රාවෝගේ නායකත්වයෙන් යුත් Hawks කණ්ඩායම සමත්විය.ජයග‍්‍රහණය සදහා ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ටයිගර්ස් කණ්ඩායමට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 157ක් පමණි.ටයිගර්ස් කන්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට Hawks පන්දුයවන්නෝ ඉඩ නොතැබූ අතර වැඩිම ලකුණු ලාභියා වු සිකන්දර් රාසා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 13ක් තුල හයේ පහර 03ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුනු 30ක් රැුස් කළේය.ටයිගර්ස් ගමන අඩපන කල ඩී.ජේ. බ‍්‍රාවෝ පන්දුවාර 04 ලකුණු 24ට සීමා කරමින් කඩුලු 03ක් බිද දැමූ අතර ජුනයිඩ් සිද්දික් කඩුලු 03ක් බිද දැමීය.ටයිගර්ස් කන්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Hawks කන්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුනු 203ක් ලබාගැනීම සමත්විය.විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ බෙන් මැක්ඩර්මොට් එක් හයේ පහරක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 68ක් ලබාගත් අතර ලෙන්ඩි සිමන්ස්(36) සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 69ක්ද ඩැරන් බ‍්‍රාවෝ සමග එක්වෙමින් තෙැවනි කඩුල්ල වෙනුවෙන් 76ක් ද එක්කරමින් සිය කණ්ඩායමට මනා අඩිතාලමක් දැමීය.ඩැරන් බ‍්‍රාවෝ හයේ පහර 05ක් හා හතරේ පහර 03ක් සමගින් පන්දු 29කදී ලකුණු 54ක් රැුස් කළ අතර අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පැමිණි මිලර් පන්දු 15කදී වේගවත් ලකුණු 35ක් රැස් කළහ.සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග සිය පළමු පන්දුවෙන්ම ප‍්‍රබල පිතිකරු ඩේවඩ් වෝනර්ව දවා ගනිමින් කැනඩා තරගාවලිය ආරම්භක කළ අතර ඔහු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් පන්දුවාර 04 ලකුණු 19කට සීමා කරමින් කඩුලු 02ක් බිද දැමීය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!