ලොව වැඩිම දවාලීම් කරමින් සංගා ගෙන් ලෝක වාර්තාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු රකින්නෙකු ලෙස ඉහළම දවාගැනීම් ප්‍රමාණය සිදුකළ ක්‍රීඩකයා බවට කුමාර් සංගක්කාර පත්විය. ඒ, එංගලන්තය සමග ඊයේ සූරියවැවදී පැවති 3වන එක්දින ක්‍රිකට් තරගයේදී ඇලිස්ටෙයාර් කුක් දවා ගැනීමත් සමගිනි. ඒ අනුව කුමාර් සංගක්කාර වාර්තා අතරට එක්වුණේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු රකින්නෙකු ලෙස ඉහළම දවාගැනීම් ප්‍රමාණය සිදුකල ක්‍රීඩකයා ලෙසයි.
සංගක්කාර විසින් සිදුකර ඇති දවා ගැනීම් ගණන 474කි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දවාගැනීම් 472ක් සිදුකර තිබූ ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. මේ අතර කුමාර් සංගක්කාර ඊයේ ලකුණු 63ක් ලබා ගත්තේය. ඔහු එහිදී එක්දින ලකුණු දහතුන් දහසේ සීමාව පසු කළ අතර එවැනි දක්ෂතාවක් දැක්වූ සිව්වැනි ක්‍රීඩකයා වෙමින් ය.
ලොව වැඩිම දවා ගැනිම් ප්‍රමාණයක් සිදුකළ කඩුලු රකින්නන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 474
ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව) 472
මාර්ක් බවුචර් (දකුණු අප්‍රිකාව) 424
මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) 312
මොයින් ඛාන් (පකිස්ථානය) 287
බ්‍රේන්ඩම් මැකලම් (නවසීලන්තය) 242
ඉයන් හීලි (ඔස්ට්‍රේලියාව) 233
රෂිඩ් ලතීෆ් (පකිස්ථානය) 220
රොමේෂ් කළුවිතාරණ (ශ්‍රී ලංකාව) 206 [sexypoll id=”9″]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!