ලොවම දිනු සිරිසේන අද නැවත කොළඹට… 8 වෙනිදා බැංකොක් යනවලු….

ලොවම දිනු සිරිසේන අද නැවත කොළඹට… 8 වෙනිදා බැංකොක් යනවලු….

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තායිලන්තයේ නිළ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. ලබන මස 08 වනදා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරය සඳහා පිටත්ව යනු ඇත.
තායිලන්තයේ පැවැත්වෙන සමුළුවකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස තායිලන්තයේ සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්ත රජයේ ප්‍රධානීන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සමුළුවට සහභාගීවීම සඳහා අමෙරිකාවට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණිමට නියමිතය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!