“ලොවක් ඉදිරියේ හඬා වැටෙමින් ස්ටීව් ස්මිත් සමාව ඉල්ලයි “- VIDEO

“ලොවක් ඉදිරියේ හඬා වැටෙමින් ස්ටීව් ස්මිත් සමාව ඉල්ලයි “- VIDEO

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් අද (29) සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී ඉතා හැඟුම්බරව අදහස් පළ කළේය.දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පලූදු කිරීමේ සිදුවීමට වැරදිකරු වූ ස්මිත්ට වසරක තරඟ තහමක් පැනවිණි.‘‘ ලෝකවාසි සියලුම ක්‍රිකට් රසිකයින්ගෙන් , ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සහ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් මම සමාව ඉල්ලනවා.‘මම සියලු වගකීම් ගන්නවා එය නායකත්වයේ සිදුවූ වරදක්,මගේ වරදක්.මා දැඩිව කළකිරිමට පත්වෙලා ඉන්නේ‘මේ සිද්ධියෙන් අනෙක් අයට පාඩමක් ඉගෙන්ගන්න පුලුවන්.මේකෙන් වෙන්න තියන එකම හොඳ ඒකයි.ටෙස්ට් පිටියේ වාර්තා පිට පිට වාර්තා තබමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පවා බොහෝ දෙනා සමකළ මෙම සුපිරි ක්‍රීඩකයා හැඟුම්බර දෙනෙතින් කළ ප්‍රකාශය සංවේදී අවස්ථාවක් විය.ඔහු අසළම සිටි ස්ටීව් ස්මිත්ගේ පියාණන් ඔහුව සනසන අයුරුද දැකගත හැකිවිය.https://www.youtube.com/watch?v=nmLBrhiZxLU

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!