“ලොකු දෙයක් නෙමෙයි… රාජිතගේ නහරයක සුළු ගැටලුවක්…වැඩි හොඳට සිංගපුරු අරන් යනවා” – මාධ්‍ය ලේකම්

“ලොකු දෙයක් නෙමෙයි… රාජිතගේ නහරයක සුළු ගැටලුවක්…වැඩි හොඳට සිංගපුරු අරන් යනවා” – මාධ්‍ය ලේකම්

Spread the love
  •  
  •  
  •  
  •  

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි මින් පෙර අප විසින් වාර්තා කරන ලදී.
ඔහු බැලීමට අද සවස දේශපාලකයන් කිහිප දෙනකුම එම රෝහලට ගොස් තිබේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සිංගප්පූරුවට ගෙන යනු ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳ කළ විමසීමක දී ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි. සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය බවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක කීවේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!