ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනියට නව අගමැති මහින්ද නෙවෙයිලු…. ඕනෙම රනිල් ලු…..

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනියට නව අගමැති මහින්ද නෙවෙයිලු…. ඕනෙම රනිල් ලු…..

Spread the love
  • 48
  •  
  •  
  •  
    48
    Shares

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වී දින 4ක් ඉක්ම ගොස් තිබියදීත් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලංකාවේ වර්තමාන අගමැතිගේ ජායාරුපය ලෙස අද දිනයේද ප්‍රදර්ශනය වන්නේ රනිල් වික්‍රමසිංහගේ ජායාරුපයකි.
ලෙබනනයේ සිටින රටවිරුවන් විසින් මෙම ජායාරුපය වෙනස් කරන ලෙස කිහිප වතාවක්ම ඉල්ලා සිටියත් විජේරත්න මෙන්ඩිස් වන මෙම තානාපතිනිය සහ “ලක්ෂිදරන්” නමැති අයෙකු එය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි.
පසුගිය “සමනළ” රජය සමයේදී බලවත් දේශපාලනීයකරණයක ට ලක්වී ඇති මෙම තානාපති කාර්යාලයේ අකටයුතු කම් ගැන ඉතා නුදුරේදීම හෙළි කිරීමට මැදපෙරදිග අඩවිය සෑදී පැහැදී සිටින්නෙමු.
විදේශයන්හි දුක්ගැහැට විඳින ශ්‍රී ලාංකික රටවිරුවන්ගේ දුක් කම්කටොලු නොතකා අසාර්ථක ඇමතිකමක් හෙබවු හිටපු ඇමති තලතාගේ සුරතලියක් ලෙස ලෙබනනයේ ලාංකිකයන් අතර ප්‍රචලිත මෙම තැනැත්තියගේ ක්‍රියාකලාපය ගැන නව විදේශ ඇමතිගේ අවධානය යොමු කරන ලෙස එහි වෙසෙන ලාංකිකයන් ඉල්ලා සිටී.

(Visited 249 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!