ලැබී ඇත්තේ “අපායේ ඉන්ටවල්”එකක්-මහමැතිවරණයෙන් පස්සේ තමයි අපායේ නියම යම පාලනය පටන් ගන්නේ

ලැබී ඇත්තේ “අපායේ ඉන්ටවල්”එකක්-මහමැතිවරණයෙන් පස්සේ තමයි අපායේ නියම යම පාලනය පටන් ගන්නේ

Spread the love
  •  
  •  
  •  
  •  

ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලතල උදුරා ගැනීමටත් විපක්‍ෂයේ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීමටත් ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල යොදා ගැනීම යහපාලනයදැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්න කර සිටියි.

අද(05) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙසේ ප‍්‍රශ්න කරන ලද්දේ එහි දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා විසිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පියතිස්ස මහතා මෙසේද සඳහන් කළේය.

‘අද වන විට මේ ‘යහපාලනයට’ දින 27ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ ‘යහපාලන මහත්වරු’ තමන්ගේ පාලනය ආරම්භ කරනු ලැබුවේ ප‍්‍රචණ්ඩත්වය වපුරමින්. 1977 බලයට ආපු එක්සත් ජාතික පක්‍ෂ පාලනය අවුරුදු 17කට පසුව සිය පාලනය අවසන් කළ ආකාරය අපට අමතක නැහැ. ‘ධර්මිෂ්ඨ පාලනයකට’ ආපු ඒ අය තම පාලනය අවසන් කළේ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපෙ දේශපාලන ක‍්‍රියාකාරිකයන් 60,000ක ජීවිත උදුරාගනිමින්. ඔවුන් මේ රට ලේ විලක් බවට පත් කළා. අද රගදැක්වෙන්නේ ඒ ‘ධර්මිෂ්ඨ පාලනයේ කාබන් කොපියක්. ඒකට කියන්නේ ‘යහපාලනය’. මේ ‘යහපාලනය’ ඇරඹුණේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. පාර්ලිමේන්තුවේ බහුතරය සිටි පක්‍ෂය පැත්තකට විසි කරලා සුළුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක්(225න් 49ක) සිටින එජාප නායකයා ජනාධිපති දිවුරුම් දීලා තත්පර ගණනකින් අගමැති ධුරයට පත් වුණා.

ඊට පසු සිදුවුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, යහපාලන විරෝධී සිදුවීම් ගණනාවක් තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නිරෝෂන් පාදුක්ක කියන මැරයා කැස්බෑව පොලීසියට කඩාවැදිලා යකා නටනකොට මේ යහපාලනය ඇරඹිලා පැය 24ක් ගෙවි තිබුණේ නැහැ. පී. හැරිසන් කැබිනට් අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ මැර පිරිස තමන්ගේ ජයග‍්‍රහණය සැමරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීලා. අද ඒ පිරිස අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විරුද්ධ පාක්‍ෂිකයන්ට කරන හිරිහැරවල නිමක් නැහැ. ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ අද විශාල භීෂණයක් පතුරවමින් සිටිනවා. දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම නිවසේදී පහරකෑමට ලක් වෙනවා. වත්තල ප‍්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එජනිස මන්ත‍්‍රීවරු මාසික       රැුස්වීමේදී යකඩ පොලූ ප‍්‍රහාරයකට ලක් වෙනවා. වත්තල සිදුවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඍජුව සම්බන්ධ බවට සාක්‍ෂි තිබෙනවා. දොම්පේ ප‍්‍රදේශයේ රණවිරු බිරිඳක් අමානුෂික ලෙස පහරකෑමට ලක්වී තිබෙනවා. ඊට හර්ෂණ රාජකරුණා එජාප පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ මැර පිරිසක් සම්බන්ධයි. මේ කිසිවකට නීති මගින් කටයුතු කර තිබෙනවාද? අද මේ සියල්ල යට ගසා ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහත්තයායි.

මම නියෝජනය කරන නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ තලවාකැලේ ප‍්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් දෙමළ තරුණයකු ඒ අසල ජලාශයකට පැන දිවි නසා ගත් බව පොලීසිය පවසනවා. අපි හරියට දන්නේ නැහැ, දිවි නසා ගත්තාද?’ කියලා. පසුගිය පාලන සමයේදී මේ වගේ සිදුවීමක් සිදු වුණාම පුවත්පත්වල දැවැන්ත සිරස්තල නිර්මාණය වෙනවා. නමුත් අද ඒවා නිහඩතාවයේ ගිල්වා තිබෙනවා. ඒ තරමට වතුකරයේ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි බලවත් වී තිබෙනවා. මෙහිදී තලවාකැලේ පොලිස් නිලධාරීන්ට ප‍්‍රසිද්ධියේ පහර දෙනවා. ගල් මුල් ප‍්‍රහාර එල්ල කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් අද එම ප‍්‍රදේශවල ජීවත් වන සිංහල ජනතාවට පවා බලපෑම් කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේකද යහපාලනය කියන්නේ?

මේ ‘යහපාලනය’ ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමයත් ඉන්නවා නේද? දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය සමග කර වටා අත් දමා ගෙන යන ගමනක් අද ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ. ඔවුන් අද ‘සිරිකොතේ බැඳලා දමපු දඩයම් බල්ලකුගේ භූමිකාව’ ඉටුකරමින් ඉන්නවා. එදා අපි අනුර දිසානායකලා සහ රවි කරුණානායකලා අතර තිබුණු හාදකම් ගැන රටට කීවා. අද ඒ දේවල් සාක්‍ෂි සහිතව ඔප්පු  වී තිබෙනවා. අද එජාප නායකයන්ගේ රෙදි අපුල්ලනවා විතරක් නොවෙයි, ඒ අයගේ යට ඇඳුම් හෝදලා මිරිකලා මිහිරි පානයක් ලෙස පානය කරන තත්ත්වයට වත්මන් ජවිපෙ නායකයන් පත් වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු බලය, අධිකරණයේ බලය බුල්ඩෝසර් කරලා විපක්‍ෂයේ සිටින අහිංසක ක‍්‍රියාකාරීන්ට පහර දීලා, ගෙවල් ගිනි තියලා, සේවයට වාර්තා කිරීමට පවා ඉඩ නොදී ලබාගත් විධායක බලය මේ අන්දමින් අත්තනෝමතික ලෙස යොදා ගත් ඉතිහාසයක් අපේ රටේ තිබුණාද? කියා නැවත සිතා බලන ලෙස අපේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

මේ යහපාලන ආණ්ඩුව අල්ලස්, ¥ෂණ පිළිබඳ මාධ්‍ය සන්දර්ශන පැවැත් වූවාට මේ දින 27 තුළ කිසිවකුට එරෙහිව විධිමත් නීතිමය පියවරක් ගනු ලැබුවාද? නැහැ. මේ තරමින් හරි මේ යහපාලනයෙන් ජනතාවට බේරි ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් ‘ඉන්ටර්වල්’ එකක් ලැබී තිබෙන නිසයි. මේ දැන් ලැබී ඇත්තේ ‘අපායේ ඉන්ටවල්’ එකක්. මහ මැතිවරණයෙන් පස්සේ තමයි, නියම යමපාලනය, අපායේ යම රජුගේ යමපාලනය පටන් ගන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරනවා කියලා මහා ඝෝෂාවක් සිදු කළා. කොත්තමල්ලී, කහ, උම්බලකඩ අත්‍යවශ්‍ය භාණ්ඩද? සහල්, පොල්, එළවළු, පරිප්පු අත්‍යවශ්‍ය භාණ්ඩ නොවේද? මුං ඇට, උදු, කොත්තමල්ලී, මිරිස්, කහ, උම්බලකඩවලට ගහපු බදු අඩු කළාම කාටද වාසිය ගියේ? ඉන්දියාවට මිස වෙන කාටද?. පාන්පිටි, උඳු, කොත්තමල්ලී, භූමිතෙල් ආදියෙහි මිල අඩු කරලා එක් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන නොවෙයිද මේ බඩට පොඩි හුළං පාරක් ගහලා තියෙන්නේ?

එදා චම්පික රණවක මහත්තයලා මොකද කීවේ? පරිස හිතකාමී දෙමුහුන් වාහන මේ රටට ඉතා සුදුසුයි කියලයි කීවේ. ඒත් මේ අතුරු අයවැයෙන් මොකද කරලා තියෙන්නේ. ලක්‍ෂ 06 සිට 13 දක්වා එම වාහනවල මිල ඉහළ දමා තිබෙනවා. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මාධ්‍ය සන්දර්ශන පවත්වලා දින 100කට පස්සේ එක්සත් ජාතික පක්‍ෂයේ යමපාලනයක් තවත් අවුරුදු 06කට රැගන ඒමට නොවෙයිද මේ දගලන්නේ?

අද පාර්ලිමේන්තුවට, අධිකරණයට නීතියේ ආධිපත්‍යයට කුළුගෙඩි පහර එල්ල කරන මහත්වරුන්ට අපි අනතුරු හගවනවා, ‘නුදුරේදීම මේ පාලනය වෙනස් වනවා, ඉන්පසුව මේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවන් පිළිබඳව අපි විධිමත් පරීක්‍ෂණයක් සිදු කරනවා’ කියලා. ‘කොකාට එක් වාරයක් තියෙනවා නම්, කෙකීට හත් වාරයක්’ තියෙන බව අමතක කරන්න එපාෟ කියලා අපි ‘ජෝන්කරණය’ වූ පොලිස් මහත්වරුන්ගෙන් සහ යහපාලන මහත්වරුන්ගෙන් ඉල්ලනවා. බලපෑම් කරලා, තර්ජන කරලා අත්අඩංගුවට අරගෙන අපිව නිහඩ කරන්න හදනවා නම් මහත්වරුනි, ඒ ඔබලාට සිදුවුණු බරපතළ වැරැුද්දක්. අපි ජනතාවගෙන් ඉල්ලනවා, මේ යමපාලනය දින 100න් අවසන් කරන ගමනට එක්වෙන්න. ඒ හා අත්වැල් බැඳගන්න කියා’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!