“ලැජ්ජයි ඇමතිතුමෝ…” කී අරණායක වැසියෝ අනුර යාපාට “හු” කියා එළවා දමයි (VIDEO)

“ලැජ්ජයි ඇමතිතුමෝ…” කී අරණායක වැසියෝ අනුර යාපාට “හු” කියා එළවා දමයි (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වී කඳවුරුවල සිටින ජනතාව ඊයේ (16) සවස අරණායක දිසා රෝහල අසලට රැස්වී එහි පැමිණ සිටි ඇමැතිවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඔවුන්ට සතුටුදායක විසඳුමක් නොලැබුණු හෙයින් ආපදා කළමනාකරණ ඇමැතිවරයා පිටව යන අවස්ථාවේ හූ හඬ නගමින් තම විරෝධය පළ කළහ. අරණායක සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (16) අරණායක දිසා රෝහ‍ලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම්, හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක, සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ද කෑගල්ල දිසාපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන්ද මේ සඳහා සහභාගි වී සිටියහ.
මෙම රැස්වීම පැවැත්වෙන ස්ථානය අසල මාර්ගයේ රැඳී සිටි අවතැන් වූ ජනතාව තමන් පත්ව ඇති අසරණතාව පිළිබඳවත් තමන්ගේ ගැටලු පිළිබඳවත් ඇමැතිවරුන්ට දන්වා සිටියහ. තමන් උදෑසන සිට විරෝධතාවක යෙදී සිටි බවත් මේ වන තුරුත් තමන්ට කිසිදු විසඳුමක් ලැබි නැති බවත් ඔවුහු පැවැසූහ.
තම ෙදෙනික කටයුතු අඩපණ වී ඇති බවත් පැවැසූ ජනතාව තමන්ටද ෙදෙනිකව හෝ මාසිකව දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර තමන්ට ස්ථීර නිවාස හා තම බෝග වගාවන් කරගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර දෙන ලෙසද ඉල්ලා සිටියහ.
මෙහිදී ඇමැතිවරු ප්‍රකාශ කළේ සම්බන්ධීකරණ රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා බවයි. සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසු ඇමැතිවරයා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සමග පිටත්ව යාමට පැමිණෙද්දී නැවතත් මග හරස් කරගත් අවතැන් වූ ජනතාව ඇමැතිවරයා සමගත් ලලිත් දිසානායක මහතා සමගත් දැඩි වචන හුවමාරුවක නිරත වුණි. අවසානයේදී ඇමැති අනුර යාපා මහතා එම ස්ථානයෙන් පිටව යාමට වාහනයකට ගොඩවෙනවාත් සමගම ජනතාව හූ හඬ නගමින් තම විරෝධය පළ කළහ. මේ අවස්ථාවේදී ලලිත් දිසානායක මහතා ජනතාව අතරට ගොස් ඇමැතිවරයාට එසේ විරෝධය පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි අතර එහිදී දිසානායක මහතාට ද හූ හඬ නගා විරෝධය පළ කළහ. එම වීඩියෝව පහතින් නරඹන්න:

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!