”ලබා දෙන කිසිදු ඉල්ලුම්පත්‍රයකට රැවටෙන්න එපා.,”මෛත්‍රිපාල සිරිසේන

”ලබා දෙන කිසිදු ඉල්ලුම්පත්‍රයකට රැවටෙන්න එපා.,”මෛත්‍රිපාල සිරිසේන

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉදිරි සංවර්ධන සැලසුම් අර්බුදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
වකුගඩු මහ රෝහලේ මේ වන විට වැඩකටයුතු සිදු කෙරෙමින් යන බවත් එහි රැකියා ලබා දෙන බව පවසමින් මේ වන විට ගම්වල ඉල්ලුම්පත්‍ර ලබා දෙන බවත් කියා සිටි ඒ මහතා, “ලබා දෙන කිසිදු ඉල්ලුම්පත්‍රයකට රැවටෙන්න එපා“ යනුවෙන් ද මෙහිදී පැවසීය.
තවත් අවුරුදු 2 ක් එම රෝහලේ වැඩ අවසන් කිරීමට ගත වෙන බවත් කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, රටේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දූගීබව වන බවත් කියා සිටියේය.
ආර්ථික අර්බුදයෙන් රට ජය ගැනීමට ජනපති එක් පක්ෂයකින් හා අගමැති තවත් පක්ෂයකින් පත්ව කටයුතු කළ නොහැකි බවත් කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, අලුත් ආණ්ඩුව ශක්තිමත් කර රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට ඉදිරි මැතිවරණයේ දී ශ්‍රිලනිප මෙන්ම පක්ෂ රැසක් එකතු වෙන බවත් පැවසීය.

පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් ගෝඨාභය මහතාට ලබා දිමට කටයුතු කරන බවත් පැවසු හිටපු ජනපතිවරයා, ඒ තුළින් රටේ වෙනස්කම් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

(Visited 301 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!