ලගදි පැත්ත මාරු කළ චන්දිමට පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් කචල් එකක්..!

ලගදි පැත්ත මාරු කළ චන්දිමට පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් කචල් එකක්..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් අද (02) හබරාදුව නගරයේ දී පැවැත්විණි.දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ ජි සි පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ද හබරාදුව සහ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝණයට සහභාගී වී සිටියහ.“ ඇයි චන්දිම අඩන්නේ අපි මොනවද කරන්නේ” “මහින්ද හොද වුණේ ඡන්දෙන් පස්සෙද?” “චන්දිමගේ දේශපාලන ගමනේ මළගම අදයි” “හබරාදුව ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි” ආදී සටන් පාඨ කියමින් හබරාදුව ප්‍රාදේශීය සභාව අසල සිට ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ බස් නැවතුම්පොළ දක්වා ගමන් කළ උද්ඝෝෂකයෝ එහිදි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදී සිට සාමකාමීව විසිර ගියහ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!