“ලංඩන් පාලමේ ප්‍රහාරය අපේ වැඩක්…” – IS සංවිධානය

“ලංඩන් පාලමේ ප්‍රහාරය අපේ වැඩක්…” – IS සංවිධානය

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි. එස් සංවිධානය භාරගෙන තිබේ.
එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ කිසිදු සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කර නොමැතිව සටහනක් තබමින් ඔවුන් පවසන්නේ, සිය සටන්කරුවෙකු ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
පෙරේදා රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිදු වූ පිහි ඇණුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබුහ.
පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් සැකකරු මිය යන විට ව්‍යාජ මරාගෙන මැරෙන ඇඳුමකින් සැරසී සිට ඇති අතර ඔහු 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තෙක් බව හඳුනාගෙන ඇත.
සැකකරු, ත්‍රස්ත චෝදනා මත බන්ධනාගාරව සිටි අයෙකු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලෝක ප්‍රකට ලන්ඩන් පාලම ඊයේ යළි විවෘත කෙරුණි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!