ලංකාව ලොව ජයගනිමින් ඉතියෝපියාවේ තානාපති කාර්යාලයක් අරඹයි

ලංකාව ලොව ජයගනිමින් ඉතියෝපියාවේ තානාපති කාර්යාලයක් අරඹයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉතියෝපියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය අද(02) විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
විදේශ කටයුතු මංගල සමරවීර අමාත්‍යවරයා සහ ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් තානාපති කාර්යාලය විවෘත කිරීමට සැළසුම් කර ඇත.
මේ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත වන අතර ඊයේ (01) දිනයේ ඉතියෝපියානු ජනාධිපති මුලතු තෙෂෝන් මහතා හමුවී සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වෙයි.
එසේම විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතියෝපියානු පාර්ලිමේන්තු කථානායකවරයා ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙරට වත්මන් සමාජ, දේශපාලනික මෙන්ම ආර්ථික ප‍්‍රවණතා පිළිබඳව හා ජාතික ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එම සාකච්ඡාවලදී දැනුවත් කර තිබේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!