ලංකාවේ සියලුම ගර්භනී මව්වරුන්ට මිලියන 800ක්-රෝසි

Spread the love
  •  
  •  
  •  
  •  

අතුරු අයවැයෙන් යෝජනා කෙරුණු ගර්භනී කාන්තාවන් සඳහා වන රුපියල් විසි දහසේ දීමනාව සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුවද ඉදිරිපත් වී සිටිනවා රෝසි. ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවසුවේ ලබන මාර්තු මාසයේ සිට මෙම දීමනාව ලබාදීම ආරම්භ කරන බවයි.

වසරකට ලක්ෂ 04ක් පමණ දරුවෝ බිහි වෙනවා. ඒ ලක්ෂ 04 සාමාන්‍ය දත්තයක් ලෙස ගෙන විසිදාහෙන් වැඩි කරලා මේකට යන වියදම සොයාගෙන තිබෙනවා. මිලියන 800ක් අවශ්‍යයි. මේ වනවිටත් ලෝක බැංකුවත් සමඟ සාකච්ඡා කරමින් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. යෝජනාව ලෝක බැංකුව මේ වන විට අනුමත කරලා තිබෙනවා. මෙයට අවශ්‍යය සල්ලි ස්ථිර වෙලා ජුනි මාසය වනවිට ලැබෙයි.

දායම් හෝ වෙනත් විෂමතා නොසලකා ගර්භනී කාන්තාවන් සියලූදෙනාට මෙම දීමනාව ලබාදෙන බවද රෝසි සේනානායක මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ රුපියල් විසිදහසක මුදල ගර්භනී කාන්තාවන්ට ලබාදෙන්නේ එකවර නොව මාසිකව කොටස් වශයෙන් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

දින 100 වදපිලිවෙලදී අපි පොරොන්දු වුණේ ගැබිණි මවකට ප්‍රසුතියේදී 20000ක දීමනාවක් ලබා දෙනවා කියලා.එතැනදී කිවේ නැහැ අඩු අදායම් පවුල් වලට පමණක් ලබා දෙනවා කියලා. සියළුම ගැබිණි මව්වරුන්ට මාස 10ක් පුරාවට රුපියල් 2000 බැගින් ලබා දෙනවා. දරු ප්‍රසුතියකට මාස 05කට පෙර සිට එනම් 04 වැනි මාසයේ සිට සහ කිරි දෙන අවධියේදී මාස 05ක් ලබා දෙනවා.

අදාළ දීමනාව ලබාදෙන්නේ ගර්භනී කාන්තාවන්ගේ පෝෂණ මට්ටම නැංවීමට බවද එ් අනුව එ්වා වියදම් කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන් සිටින බවද අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පවසනවා. මෙම කටයුතු සඳහා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත බිම් මට්ටමේ නිලධාරීන් යොදවා ගැනීමට නියමිතයි.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!