“ලංකාවේ බහුතරයකට පොහොට්ටුව එපා වෙලා…” – දතා දොස්තර

“ලංකාවේ බහුතරයකට පොහොට්ටුව එපා වෙලා…” – දතා දොස්තර

Spread the love
  •  
  •  
  •  
  •  

ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව බවත් එයට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු ඡන්ද ප‍්‍රමාණයට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී ඇති බැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45 කට ආසන්න ඡන්ද ප‍්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප‍්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් බව කියා සිටී.
අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් අමාත්‍යවරයාගේ අදහස් සහිතව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙහි මේ බව සඳහන් වේ.

(Visited 7 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!