
ලංකාවේ පිරිමි – පිරිම් පාර්ශවය අතර HIV පැතිර යාමේ ප්රවණතාවයේ සීග්‍ර වර්ධනයක්..!
Spread the love
පිරිමින් අතර එච්. අයි. වී ආසාදනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසා තිබේ.එහි අධ්යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ, මේ වසරේ ගත වූ කාලය තුළ එච්. අයි.වී ආසාදිතයින් 55 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් 30 දෙනෙකුම පිරිමින් වන බව ය.මේ අතර ගත වූ කාලය තුළ එච්. අයි. වී ආසදනය වීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ ය.
(Visited 2 times)