“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියාව

“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියාව

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් නොවිය යුතු බව ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සහභාගි වූ රුසියානු දූත මණ්‌ඩලය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා රජයට තම අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමේදී විදේශ රාජ්‍යයන්ගේ මැදිහත්වීම රුසියානු නියෝජිතයන් විසින් විවේචනයට ලක්‌කර ඇත.
පසුගිය වසරවල පැවැති මානව හිමිකම් සමුළුවලදීද රුසියාව ලංකාවට එරෙහිව ඇමරිකාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට එරෙහි විය.
2009 වසරේදී ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීමටද රුසියාව හා චීනය මැදිහත් විය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!