“ලංකාවට බලපෑම් කරන්න…” – විග්නේෂ්වරන්

“ලංකාවට බලපෑම් කරන්න…” – විග්නේෂ්වරන්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ලබාදීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කළ යෝජනාවලට කිසිදු ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ඒ හේතුවෙන් රජය කෙරෙහි තැබූ විශ්වාසය ක‍්‍රමක‍්‍රමයෙන් බිඳවැටෙමින් ඇති බව ඔහු කියා සිටියේය. බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් යාපනයේදී ඊයේ (10) මුණගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම හමුවට යාපනය දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වුනි.
එහිදී විග්නේෂ්වරන් පවසා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලූවට මෙන්ම උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් ඇති ගැටලූවට ද රජයෙන් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවය.
එබැවින් ගැටලූ විසඳා ගැනීමට බි‍්‍රතාන්‍ය රජය මැදිහත් වී ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි තමන් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව විග්නේෂ්වරන් තව දුරටත් පවසා ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!