ලංකාවට පිටුවහල් කරමින් සිටි ලාංකික ද්‍රවිඩ පවුලක් ගුවන් යානය ගොඩ බස්වා බේරාගනී

ලංකාවට පිටුවහල් කරමින් සිටි ලාංකික ද්‍රවිඩ පවුලක් ගුවන් යානය ගොඩ බස්වා බේරාගනී

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

ඔස්‌ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පැතූ ශ්‍රී ලාංකික දෙමළ පවුලක්‌ එරටින් පිටුවහල් කර ගුවන් මගින් ශ්‍රී ලංකාවට එමින් සිටියදී ඔස්‌ට්‍රේලියානු අධිකරණය විසින් එම පිටුවහල් කිරීම නවතා තිබේ. ඊට අදාළ නියෝගය ගුවන් නියමුවාට දුරකථනයෙන් අධිකරණය මගින් දැනුම්දී ඇති අතර ඒ අනුව එවිට කිලෝමීටර් තුන්දහසක්‌ පියාසර කර තිබූ යානය අසල ගුවන්තොටුපළකට හදිසියේ ගොඩබස්‌වා එම දරු පවුල යානයෙන් බැස්‌සවීමට ගුවන් නියමුවාට සිදුව තිබේ.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නඩේසලිංගම් හා ප්‍රියා නමැති දෙමළ ජාතික යුවලක්‌ හා ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනාය.
ඔවුන් පිටුවහල් කිරීමට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරිකයන් අතුරු තහනම් නියෝගයක්‌ ලබාගැනීමෙන් පසු මෙය සිදුව තිබේ. ඔස්‌ට්‍රේලියාවට සරණාගතයන් ලෙස ගොස්‌ ඇති මෙම යුවල එහිදී විවාහ වී ඇති අතර දියණියන් දෙදෙනා උපත ලබා ඇත්තේ ඔස්‌ටේ්‍රලියාවේදීය.
ඔස්‌ට්‍රේලියානු බලධාරීන් එරට දෙමළ ජනතාවගේ විරෝධය මැද මොවුන් පිටුවහල් කරන්නට කටයුතු කර ඇත. ඉන් පසුව එරට දෙමළ ජනතාව හා ඔස්‌ට්‍රේලියානුවන් විශාල පිරිසක්‌ එක්‌ව වහාම මෙම අධිකරණ නියෝගය ලබාගෙන තිබේ. පසුව අධිකරණ නියෝගය ලැබෙනවිට ගුවන් යානය ඩර්වින් නගරය ආසන්නයෙන් පියාසර කරමින් තිබිණි. පසුව අධිකරණ නියෝග මත ගුවන් යානය ඩර්වින් ගුවන් තොටුපළට ගොඩබස්‌වන ලදී.

(Visited 194 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!