ලංකාවට ඇවිත් යකා නටපු ෂකීබ්ගේ කරේ රත්තරං බැන්දා වාගේ” – ICCයෙන් පිස්සු හැදෙන තීරණයක්

ලංකාවට ඇවිත් යකා නටපු ෂකීබ්ගේ කරේ රත්තරං බැන්දා වාගේ” – ICCයෙන් පිස්සු හැදෙන තීරණයක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනය විසින් නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම හිටපු කඩුලු රකින ක්‍රීඩක වන කුමාර් සංගක්කාර ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.දකුණු අප්‍රිකා හිටපු නායක ග්‍රැහැම් ස්මිත් ද මෙම කමිටුවට ඇතුළත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනයේ දකුණු අප්‍රිකානු නිදහස් මණ්ඩලයේද සාමාජිකයෙකි. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී ඇති කුමාර් සංගක්කාර හා ග්‍රැහැම් ස්මිත් හැරුණුකොට මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්, අයර්ලන්ත ක්‍රීඩක විලියම් පොර්ට්ෆීල්ඩ්, බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන්, ඕස්ට්‍රේලියා ක්‍රීඩක ආරොන් ෆින්ච්, දකුණු අප්‍රිකා ක්‍රීඩක ජේ. පී. ඩුමිනි සහ ස්කොට්ලන්ත ක්‍රීඩක කයිල් කොට්සර් එම කමිටුවට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වේ.ක්‍රීඩකයන්හට ක්‍රීඩාවේදී ඇතිවන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැඟීම වෙනුවෙන් මෙම කමිටුව වැඩි අවධානයක් යොමු කරන නමුත් පසුගිය නිදහස් කුසලාන තරගාවලියේදී ඉතා අශෝභන ලෙස හැසිරුණු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ද මෙම කමිටුවේ සාමාජිකයකු වීමද කැපීපෙනෙන සිදුවීමකි

(Visited 89 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!