රෝහිතගේ තත්වය යහපත් අතට

රෝහිතගේ තත්වය යහපත් අතට

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ(24) දහවල් ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් අතුරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය උත්පල මල්ලවආරච්චි මහතා සඳහන් කළේ ඇද වැටීම හේතුවෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ හිසට හානි සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විසින් මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක් කර ඇති අතර ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු ද මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක් කර තිබෙන අතර ඔහු අද(25) දහවල් වන විට මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි බව ද වෛද්‍ය උත්පල මල්ලවආරච්චි සඳහන් කළේය.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාගේ සුවදුක් බැලීම සදහා අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!