රෝයල් පාර්ක් මිනීමැරුමේ චුදිතයාට ජනාධිපති සමාව

රෝයල් පාර්ක් මිනීමැරුමේ චුදිතයාට ජනාධිපති සමාව

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.2005 වර්ෂයේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් චුදිතයාට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.මෙලෙස මරණ දඬුවම හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ (09) පස්වරුවේ බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේය.මේ අතර පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ජුඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ හට ජනාධිපති සමාව ලබාදීම පිළිබද සලකා බලන බවයි. කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳ ප්‍රබල  කතහබක් ඇතිව තිබුණා.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!