රේගුවට රිංගන්න මංගලගෙන් තවත් කුමන්ත්‍රණයක්..!

රේගුවට රිංගන්න මංගලගෙන් තවත් කුමන්ත්‍රණයක්..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

රී ලංකා රේගුව සඳහා නව සාගර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරේ.අද වනවිට රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය රටට පැමිණිය යුත්තේ සාගරයෙන් බැවින් එලෙස මුහුදෙන් පැමිණෙන මත්ද්‍රව්‍ය වැළැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.ආරක්ෂක බෝට්ටු කිහිපයකින් මෙම ඒකකය සමන්විත වන අතර, රේගු ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා සේවයේ යෙදවෙන බවද හෙතෙම මෙහිදී පැවසීය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!