“රුසියාවට ඇති ඕනෑම තර්ජනයක් විනාශ කර දමනු!” – පුටින්ගෙන් නියෝග

“රුසියාවට ඇති ඕනෑම තර්ජනයක් විනාශ කර දමනු!” – පුටින්ගෙන් නියෝග

Spread the love
  •  
  •  
  •  
  •  

සිරියාවේදී රුසියානු හමුදාවට තර්ජනයක් වන ඕනෑම ඉලක්කයක් විනාශ කර දැමිය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ සිරියානු මෙහෙයුම් තුළ කටයුතු කරන ආරක්‍ෂක අමාත්‍යාංශය, හමුදා මාණ්ඩලික නිලධාරීන්, ගුවන් හමුදා නියමුවන් සහ නාවික හමුදාව ආදී සියලූම අංශ වෙත ඉහළ පැසසුමක් හිමිවිය යුතු බවයි.
සිරියාව තුළ රුසියාව සිදුකරන මෙහෙයුම් ත්‍ීඊ බුද්ධි අංශය වැනි රුසියානු විශේෂ සේවාවන් සමග සම්බන්ධීකරණය සහිතව ක‍්‍රියාත්මක බවද පුටින් පවසා තිබේ.
රුසියානු ජනාධිපතිවරයා මේ අදහස් දක්වා ඇත්තේ රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වන විට සිරියානු හමුදා සෙබළුන් හා එක්ව නිදහස් සිරියානු හමුදාවේ සාමාජිකයින් 5000ක් පමණ ISIS ත‍්‍රස්තවාදීන් හා සටන් වැද සිටින බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර රුසියානු ආරක්‍ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා ඇත්තේ සිරියානු භූමියෙන් 70%ක් පමණ ISIS සංවිධානය යටතේ පවතින බවයි.
ඉරාකය හා සිරියාව තුළ සටන්කාමීන් 60000ක් පමණ සිටින බවද ඔහු පවසා ඇත. ISIS සංවිධානයේ බලපෑම ඉහළ යමින් පවතින බවත් එය මධ්‍යම ආසියාව හා කොකේසස් ප‍්‍රදේශයන්ට ව්‍යාප්ත වීමේ අනතුරක්ද පවතින බවත් ආරක්‍ෂක අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී රුසියානු න්‍යෂ්ටික බලය ඉහළ නැංවීමේ වැදගත්කමද අවධාරණය කෙරුණු බව වාර්තා වේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!