රුවන්වැලි මහා සෑය ඉදිරිපිට 21 වසරක් බවුන් වැඩු සීල කුටියේ හිමියන්ගේ චිතකය පෙරලා විනාශ කර දමයි

රුවන්වැලි මහා සෑය ඉදිරිපිට 21 වසරක් බවුන් වැඩු සීල කුටියේ හිමියන්ගේ චිතකය පෙරලා විනාශ කර දමයි

Spread the love
  • 107
  •  
  •  
  •  
    107
    Shares

රුවන්වැලි මහ සෑය අභියස විසි එක් වසරක් බවුන් වැඩූ, සීල කුටියේ හිමියන්ගේ දේහය අදාහනය කරන්නට සකස් කල චිතකය බිම දමා විනාශ කර ඇති බවට වාර්තා වේ.
උන්වහන්සේ ගේ දේහය ජේතවනාරාමයේ දකුණු වාසල අසල පිටියේ ආදාහනය කරන්නට පුරා රැයක් වෙහෙසී දායකයන් චිතකය තනා ඇත.
පුරාවිද්‍යා බලධාරීන් එය දැක ඇත්තේ අද උදෑසන 11.30 ට පමණ ය. අනතුරුව චිතකය ගලවා ඉවත් කරන්නට නියෝග ලබාදී ඇත. පුරාවිද්‍යා පනත අනුව මෙවන් ආදාහනයක් පුරාවිද්‍යා බිමක සිදුවීම වරදක් වන්නට පුළුවන.
නමුත් චිතකය සාදා අවසන් වනතුරු බලධාරීන් මර නින්දක පසු වීද ? කිසිවෙකුටත් වරදක් නොකල මහා යතිවරයාණන් වහන්සේ නමකගේ අවසන් කටයුතු වලට බාධා කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද ?
අපවත් වී වදාළ ඉංගිරියේ විජිතවංශ හිමියන් පාලකයන් පත් කරන්නට වේදිකා මත කෑ මොර දුන්නේ නැත. එසේ වූවා නම් උන්වහන්සේ ගේ ආදාහනයට මේ ඉරණම අත්වන්නේ නැත. උන්වහන්සේ තම ජීවිතය කැප කලේ නිර්වාණය නම් උතුම් අරමුණ වෙනුවෙන්ම පමණි.
නැගෙනහිර විශාලතම චෛත්‍යය ඩෝසර් කර මිරිස් වගා කරනාතෙක් පුරාවිද්‍යා බලධාරීන් දන්නේ නැත. ගුරුකන්ද පුරාවිද්‍යා පරිශ්‍රයේ විග්නේෂ්වරන් ප්‍රමුඛ දේශපාලනඥයින් ලිප් 150 ක් ගිනි දල්වන තෙක් පුරාවිද්‍යා බලධාරීන් දන්නේ නැත. පුදුමය නම් අදාහන පිංකම අවසන් මොහොතේ දකින්නට ඔවුන් අවදිව ඇත.
පාලකයිනි, කරුණාකර, ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බව කියවෙන 9 වන වගන්තිය සඳහන් කඩදහිය ඉරා දමන්න.

(Visited 282 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!