“රුවන්ගේ ගාය තවම හොඳ වෙලා නෑ..කුණු බැණුම් අහන්නේ මමයි”-ජනපති සිරිසේන

“රුවන්ගේ ගාය තවම හොඳ වෙලා නෑ..කුණු බැණුම් අහන්නේ මමයි”-ජනපති සිරිසේන

Spread the love
  • 32
  •  
  •  
  •  
    32
    Shares

ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමේදී මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෙසු ඇමතිවරුන් කතාබහක නියැළී සිටියදී සාගල රත්නායක මහතා වෙනත් කටයුත්තක් සඳහා එතැනින් ඉවත්ව යාමට සූදානම් වෙද්දී ජනාධිපතිවරයා ඔහුව වළක්වා තිබුණේ “නෑ සාගල. ඔයා පොඩ්ඩක් ඉන්න. මේක ඔයාත් දැනගන්න ඕනෙ කතාවක්” යැයි කියමිනි.සාගල රත්නායක මහතා නැවත අසුන් ගනිද්දී අනෙකුත් අමාත්‍යවරුන් මුහුණින් මුහුණ බලන්නට වූයේ ජනාධිපතිවරයා කියන්නට යන්නේ කුමක් ගැනදැයි සිතාගත නොහැකි වූ නිසාය.“අර විහාරමහා දේවි එක ගාව පාර වහගෙන ඉඳලා මිනිස්සු හෝන් ගහපු එක ගැනයි මම මේ කියන්න ගත්තේ” කියමින් ජනාධිපතිවරයා සිද්ධිය විස්තර කරද්දී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ “අපි හිතුවෙත් ඔබතුමා එනකල් වෙන්න ඇති පාර වහගෙන ඉන්න ඇත්තේ කියලා. මිනිස්සු ඔබතුමාට තමයි බැන්නේ” යනුවෙනි.ජනාධිපතිවරයා තරමක් බැරෑරුම් අන්දමින් එහිදී පවසා තිබුණේ “මේ දවස්වල ඉතිං හැම එකටම මමනෙ අහුවෙන්නෙ. හැමෝම මට තමයි බනින්නෙ. ඒකනෙ තියෙන ලේසිම වැඩේ.” යනුවෙනි.එම පිළිතුරෙන් අන්දමන්ද වූ ඇමතිවරුන් “ඔබතුමා නෙවෙයි නම් එහෙම පාරවල් වහන් යන්න තරම් මේකෙ ඉන්න හයිරංකාරයා කවුද ?” යනුවෙන් විමසා තිබුණු අතර ජනාධිපතිවරයා පිළිතුරු දී තිබුණේ “නෑ, මේ මගේ රාජ්‍ය ඇමතිතුමා තමයි ඉතිං. මාත් හොයාලා බලපුවාම තමයි දැනගන්න ලැබුණේ” ලෙසය.ඒ අනුව මාර්ග වසාගෙන ජනතාව අපහසුතාවට පත් කරමින් ගමන් කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය !

(Visited 407 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!