රාවණා බලයේ සද්ධාතිස්‌ස හිමියන්ගෙන් FCIDය ප්‍රශ්න කරයි

රාවණා බලයේ සද්ධාතිස්‌ස හිමියන්ගෙන් FCIDය ප්‍රශ්න කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය රජය සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට අයත් වාහන තුනක්‌ තම පාවිච්චියට යොදා ගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් රාවණා බලය සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන්ගෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (13 වැනිදා) ප්‍රශ්න කර ඇත.රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට අයත් වාහන
රැසක්‌ පසුගිය රජය සමයේ විවිධ පුද්ගලයන්ගේ පාවිච්චිය සඳහා ලබා දී තිබූ බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිලි ලැබී තිබිණි.
රාවණා බලය සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමියන් වෙතද එවකට සිටි ඇමැතිවරයා විසින් වාහන තුනක්‌ ලබා දී තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස සද්ධාතිස්‌ස හිමියන්ට දැනුම් දීමක්‌ කර තිබිණි.
ඊයේ පෙරවරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණි සද්ධාතිස්‌ස හිමියෝ දහවල් වන තුරුම සිය ප්‍රකාශය ලබා දෙමින් සිටියහ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!