රාජිතට ආයෙත් වැඩ වරදියි-මහා මගඩියක් හෙළිවෙයි

රාජිතට ආයෙත් වැඩ වරදියි-මහා මගඩියක් හෙළිවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට රුපියල් 6,500ක් බැගින් වැඩිපුර මුදල් ගෙවා මිලදී ගැනීමේ ක්‍රියාවලියක් පිළිබඳව වූ පෙත්සමක් විමසුමට ලක්කළ අභියාචනාධිකරණය වහාම එකී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසටච රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවට නියෝග කළේය. අතුරු තහනම් ආඥාවක් මඟින් ඉහත කී නියෝගය නිකුත් කරන ලද්දේ ඉහත රිට් පෙත්සම විමසුමට ලක්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේ සහභාගිත්වයෙන් වූ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනිි.  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව, අමාත්‍යාශ  ලේකම් වසන්ත පෙරේරා, ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය හා ඉහත සඳහන් ඔෟෂධයේ සැපයුම්කරු වන සීිමාසහිත ෆාර්මේස් (පෞද්ගලික) සමාගම වගඋත්තරකරුවන් කරමින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ “සීමාසහිත මාර්ක්ස් හෙල්ත් කෙයා” නමැති සමාගමක් විසිනි.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!