“රාජපක්‍ෂවරුන්ට රිදවන්නට සිතා සිරිසේන ගෙනා දෙමළ නාවික හමුදාපති ‘ට්‍රැවිස් සින්නයියා’ කව්ද ?”

“රාජපක්‍ෂවරුන්ට රිදවන්නට සිතා සිරිසේන ගෙනා දෙමළ නාවික හමුදාපති ‘ට්‍රැවිස් සින්නයියා’ කව්ද ?”

Spread the love
  •  
  •  
  •  
  •  

නව නාවික හමුදාපතිවරයා ලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස සේවය කරන රියර් අද්මිරාල් ට්‍රැවිස් ජෙරමි ලියන්දුරු සින්නයියා මහතා අද (18) පෙරවරු 9.30 ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීමේ ලිපිය ලබාගත් බවට වාර්තා වනවා…1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශුර ( තෙවරක් ) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවන ජෙනෙරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ලබන 21දා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර දැනට නාවික හමුදාපති ධුරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම්කර ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.කොමදෝරු ට්‍රැවිස් සින්නයියා ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වු අභීත දමිළ හමුදා නිලධාරියකි. නාවික ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණ දෙන නිලධාරියා ලෙසද ඔහු ක්‍රියා කර ඇත

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!