”රාජපක්ෂ ගමට මොනවද කරලා තියෙන්නේ …”-දයා ගමගේ

”රාජපක්ෂ ගමට මොනවද කරලා තියෙන්නේ …”-දයා ගමගේ

Spread the love
  •  
  •  
  •  
  •  

වසර 10ක තම පාලන කාලයේදී ගමට සිදු වූ සේවය කුමක් දැයි, දැන් ගම හැදීමට තමන්ට බලය දෙන්නැයි ඉල්ලා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාවට පැවසිය යුතු බව ඇමති දයා ගමගේ පවසයි.
අම්පාර, මහඔය ප‍්‍රදේශයේ පැවති එජාප ප‍්‍රචාරක රැලි අමතමින් ඇමතිවරයා එම අභියෝගය ඉදිරිපත් කළේය.
හම්බන්තොට වැනි ග‍්‍රාමීය ප‍්‍රදේශවල ගුවන් තොටුපල, වරාය, සම්මන්ත‍්‍රණ ශාලා වැනි සුදු අලි ව්‍යාපෘති අරඹා, ජනතා සේවය නොව තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන පමණක් සිතූ හිටපු ජනාධිපතිවරයාට ගම හැදීමට හැකියාවක් නොමැති බව හෙතෙම අවධාරණය කර සිටියේය.
රට ආර්ථිකව වැටී තිබියදී බලය තහවුරු කර ගැනීමට ගොස් බලය අහිමි වූ ඔහු සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළ හලාවත ධීවරයින්ට, රතුපස්වල ජනතාවට මර්දනයෙන් ප‍්‍රතිචාර දැක්වූ අයුරු ද ගමගේ මහතා සිහිපත් කළේය.
දුර්දාන්ත රාජපක්ෂ පාලනය පළවා හැර ජනතාව පත් කර ගත් එජාපය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩු්ව මේ වන විට පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල බලය නොමැතිව පවා ගමට සිදු කර ඇති සේවය ඔහු මෙහිදී විස්තර කර සිටියේය.
එම කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් ගම ද නගරයට නොදෙවෙනි සංවර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් එජාපයට ඉදිරි ඡන්ද විමසීමේදී බලය ලබා දෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!