රාගම ලොකු සීයාගේ ඝාතකයන් සොයා දෙන්නැයි චුටි සීයා සිරිසේනගෙන් ඉල්ලයි

රාගම ලොකු සීයාගේ ඝාතකයන් සොයා දෙන්නැයි චුටි සීයා සිරිසේනගෙන් ඉල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

රාගම දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාව සිටි එම්. එස්. එම්. නියාස් නොහොත් ලොකු සීයා යන අයව කුරිරු වධහිංසා පමුණුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුතෙකු වන එම්.එන්.එම්. හිජාස් හෙවත් චූටි සීයා යන අය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ‍ලේකම් ලැසිල් ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් තම පියාට වූ අසාධාරණයට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
වර්ෂ 2011.10.27 වන දින මහබාගේ ‍පොලිස් වසමේ ගුණසේකර මාවතේදී සුදු වෑන් රථයකින් ලොකු සීයා පැහැර ගැනුණු අතර ඔහුගේ මළ සිරුර අක්කරපත්තු, බදූර් නගරයේ මුහුදු වෙරළේ තිබියදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබිණි. ඒ වන විට එම සිරුර නරක් වී තිබූ අතර සිරුර ලණුවලින් හා කම්බිවලින් ගැට ගසා තිබි ඇත.
වසර 03කට පෙර සිදුවූ එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු බොහෝමයක් හෙළි වී ඇතැයි පවසන එම්.එන්.එම්. හිජාස් මහතා තවදුරටත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත දන්වා ඇත්තේ මෙම මරණය රාජ්‍ය දේපළ හා නිලධාරීන් යොදවා සිදු කළ මිනී මැරුමක් බවයි.
මේ වන විට වසර 3කුත් ඉක්මගොස් තිබෙන මෙම ඝාතනයේ සියලු වරදකරුවන්ට නීතිමය දඬුවම් ලබා දීමට ක්‍රියාකරන ලෙසද හිජාස් මහතා ඉල්ලා සිටී.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!