“රනිල්-සිරිසේන වැරදියි…ඒකාබද්දය නිවරදියි..”-සුමන්තිරන් ආණ්ඩුවෙන් ඒකීය සරම ගලවා ෆෙඩරල් අමුඩය පෙන්වා ජෝගි දමයි

“රනිල්-සිරිසේන වැරදියි…ඒකාබද්දය නිවරදියි..”-සුමන්තිරන් ආණ්ඩුවෙන් ඒකීය සරම ගලවා ෆෙඩරල් අමුඩය පෙන්වා ජෝගි දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ ඒකීය නමින් පෙඩරල් ව්‍යවස්ථාවක් කියන එක 2016 මාර්තු මාසයේ සිටම අපි අඛණ්ඩව කියූ දෙයක්. ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේ බලධාරින් මහ සංඝරත්නය ඉදිරියේ දිවුරා කිව්වේ ඒකීයභාවයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ව්‍යවස්ථා අතුරු වාර්තාව ඉදිරිපත් කළාට පස්සෙත් අපි වගන්ති උපුටා දක්වමින් නව ව්‍යවස්ථාව පෙඩරල් වන්නේ කොහොමද කියලා පෙන්නුම් කළා. ආණ්ඩුවේ මැති ඇමතිවරු වාද විවාද වලට ඇවිත් එහෙම වෙන්නේ නෑ කියලා අපිත් එක්ක මරා ගත්තා. ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා තිබෙනවා. ව්‍යවස්ථාවේ සම නිර්මාතෘ වන එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා දෙමළ සංධානයේ අපේක්ෂකයින් අමතමින් නව ව්‍යවස්ථාවේ ලේබලය ඒකීය වුණාට ලක්ෂණ වලින් පෙඩරල් වලටත් එහා ගිහින් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.සුමන්දිරන් මන්ත්‍රිතුමා මොකද්ද මේ කියන්නේ? ජනාධිපතිතුමා වැරදියි. අගමැතිතුමාත් වැරදියි. උදය ගම්මන්පිලලා හරි. ඒකාබද්ධ විපක්ෂය හරි කියන එකයි. නව ව්‍යවස්ථාව පෙඩරල් ව්‍යවස්ථාවක් නොවේයැයි කියමින් රජය විසින් සිදුකල ප්‍රකාශ රට ඇන්දීමට කල උත්සාහයක් ලෙසයි අපට පේන්නේ.මහ බැංකු වංචාවක් වුණේ නෑ කියලා ආණ්ඩුව අවුරුදු දෙකක්ම කිව්වත් අවසානයේ ඇත්ත හෙළි වුණා. ඒ වගේම ගෙනාවේ පෙඩරල් ව්‍යවස්ථාවක් නොවේ කියන එක රත්තරන් අශ්වයා සහ ලැම්බොගිනි සිට එන බොරු වැලේම තවත් එක් බොරුවක් බව මේ වන විට ඔප්පු වී තිබෙනවා.

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!