“රනිල් මහින්ද වගේ නෙමෙයි සිරිසේන… හිටියේ නැතිනම් අපි සුන්…” – ඩිලාන් පෙරේරා

“රනිල් මහින්ද වගේ නෙමෙයි සිරිසේන… හිටියේ නැතිනම් අපි සුන්…” – ඩිලාන් පෙරේරා

Spread the love
  •  
  •  
  •  
  •  

සම්මුතිවාදී ආණ්ඩුවක වටිනාකම තේරුණේ ජීනීවා මානව හිමිකම් වාර්තාව ආවට පසු බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියයි.
අදාළ වාර්තාවට රටක් වශයෙන් මිස පුද්ගලයින් වශයෙන් උත්තර නොදිය යුතු බවද මේ ආකාරයට ඇතැම් රටවලට එරෙහි වාර්තා අමෙරිකාව වැනි බලවත් රටවල සහයෙන් කබඩ්වල තවමත් ඇති බවද ඒ මහතා පෙන්වාදෙයි.
ඩිලාන් පෙරේරා මහතා‍ මේ බව කියා සිටියේ ශ්‍රිලනිප මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
රනිල්ගේ ආණ්ඩුවක් ආවේ නම් බටහිරට විරුද්ධ රටවල සහය අපට‍ නොලැබෙන බවත්, අපේ තනි ආණ්ඩුවක් ආවේ නම් බටහිර රටවල සහය අ‍පට නොලැබෙන බවත්, පෙන්වාදුන් අමාත්‍යවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සම්මුතිවාදී පාලනයට එම දෙපාර්ශවයේම සහය ගැනීමට හැකිව ඇති බව පැවසුවේය.
මෙම ප්‍රශ්නයේදී වගකීමෙන් නිදහස් පනතක් අනවශ්‍ය බවද එවැන්නකින් කියා සිටින්නේ වැරදිකරුවන් අප අතර සිටින බව යැයිද හෙතෙම පෙන්වාදුන්නේය.
මේ අතර ඉදිරි මැතිවරණයට වෙනම පක්ෂයකින් තරඟ කරන බවට සන්ධානයේ පිරිසක් කර ඇති ප්‍රකාශය ගැන අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වෙනම තරඟ ක‍ළහොත් ඒ අයට දෙවියන්ගේම පිහිටයි යනුවෙනි.
මාධ්‍ය හමුවට එක්වූ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන ඇමති එස්.බී දිසානායක මහතා කියා සිටියේ ජිනීවා වාර්තාව ලැබීමට තිබුණේ නම් ගම් සහිතව බවයි.
වාසනාවකට වත්මන් නායකත්වය යටතේ එවැන්නක් නොවූ බවද පසුගිය ජනාධිපතිවරණය අතළඟ තිබියදී අසල්වැසි ඉන්දියාව පවා අපෙන් ඉවත්ව ගිය බවද කියා සිටියේය.
කෙසේ වුවද මේවන විටත් අමෙරිකාව ඇතුළු බලවත් රටවල සහය ශ්‍රී ලංකාවට ලැබෙන තත්ත්වයක් ඇති නිසා අදාළ වාර්තාවේ නිර්දේශ ගැන ජනතාව බිය විය යුතු නැති බවද පැවසූ අමාත්‍යවරයා එම වාර්තාව සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමටවත්, පිළිගැනීමටවත් අවශ්‍ය නැතැයිද පැවසීය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!