රනිල් ඡන්දය දමමින් එජාපය දිනවමු කියා ඡන්ද නීති නැවතත් කඩයි

රනිල් ඡන්දය දමමින් එජාපය දිනවමු කියා ඡන්ද නීති නැවතත් කඩයි

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අද (10) දින කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එහිදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
මෙවැනි සාමකාමී ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ අනුව අපි අපේක්‍ෂා කරනවා එක් පැත්තකින් එහි වාසියක් ද අපට ලැබෙනු ඇතැයි කියා. මේ ඡන්ද ක්‍රමය යටතේ තමන්ගේ ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයෙක් පත් කර ගත හැකියි. එම නිසාම ග්‍රාමීය හා නාගරික මට්ටමෙන් ගෙන යන පාලනයට මේ තුළින් වගකීමක් ලැබෙනවා. මේ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර තම ප්‍රදේශයේ පවතින කටයුතු පිළිබඳව සුවහඳව සාකච්ඡා කිරීමට මේ තුළින් ඡන්ද දායකයින්ට අවස්ථාවක් උදාවී තිබෙන බව කිව යුතුයි.
මේ මැතිවරණයේදී කොළඹ නගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමි වන බව අපේ බලාපොරොත්තුවයි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!