
රනිල්ගේ මන්ත්රි ධුරය අභියෝගයට ලක් කෙරුණු නඩුවෙන් විනිසුරුවරියක් ඉවත් වේ
අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට අභියාචනාධිකරණ වැඩබලන සභාපතිනී දීපාලි විජේසුන්දර මහත්මිය අද (31) තීරණය කළාය. ඇය ඒ බව දැනුම් දීමක්ද කරනු ලැබුවා.
තමන් මෙම තීරණය ගත්තේ පෞද්ගලික හේතුවක් මත බවයි ඇය එහිදී සඳහන් කළේ.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය හෙට (01) දිනයේදී වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ නැවත විභාගයට ගනු ඇති බවට දැනුම් දුන්නා.
එම පෙත්සම ගොනු කරුණු ලැබුවේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රී ශර්මිලා ගෝනවල විසින්.
(Visited 30 times)