“රනිල්ගේ කෑදරකම නිසා එජාපය බිංදුවට බැස්සා”-එජාප මන්ත්‍රී

“රනිල්ගේ කෑදරකම නිසා එජාපය බිංදුවට බැස්සා”-එජාප මන්ත්‍රී

Spread the love
  • 37
  •  
  •  
  •  
    37
    Shares

පක්ෂය බිංදුවටම වැටුණත් පක්ෂ නායකත්වයට කෑදරකමින් ඒකාධිපති පාලනයක් ගෙන යන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය විනාශ කළැයි, ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයට පැමිණීම වෙනුවෙන් ගම්පොළ නගරයේ පැවැති පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.”මිනිසුන්ගේ දහදිය, කඳුළු නොහඳුනන, මනුෂ්‍යකම නොදන්නා කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. මොන මිනිහාගෙන් හරි සහාය අරන් බලය ලබා ගත්තට පස්සේ එයා මිනිස්සු අමතක කරනවා.
අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය ඇදලා මහන්සි වෙලා පක්ෂය ජයග්‍රහණය කරලා මෙතුමත් එක්ක වැඩ කළත් මාස 2ක් යනකොට මට තේරුණා මෙතුමාගේ කිසි මනුෂ්‍යත්වයක් නොමැති බව. ඒ අනුව එදාම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක එකතු වෙන්න හිතුණා” යන්නයි

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!