රන්ජන් සමග කතා කරපු විනිසුරුවරුන්ටත් නඩු …

රන්ජන් සමග කතා කරපු විනිසුරුවරුන්ටත් නඩු …

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

අධිකරණය කෙරෙහි සමස්ත ජනතාවගේ විශ්වාසය දැඩි ලෙස කඩතොලු වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකතන සංවාදවල යෙදෙන සහ ඔහු හමුවී කතාබහ කළ, විනිසුරුවරුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ හදිසි විශේෂ කාරක සභාවක්ද කැඳවා තිබූ අතර එහිදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ එකඟතාවක් ඇතිවී තිබේ. මෙම හඬ පට සත්‍ය නම්, ඒවා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බවත්, ඒ අනුව අධිකරණයට අයුතු මැදිහත්වීමක් සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවත් යන කරුණු සම්බන්ධයෙන් මෙසේ එකඟතාවක් ඇතිවූ බව වාර්තා වේ.
මේ නිසා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සංවාදයේ යෙදෙමින් අධිකරණය ඉහත තත්ත්වයන්ට පත් කර ඇති විනිසුරුවරුන් පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර සුදුසු පියවර ගන්නා ලෙස සංගමය, අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමෙන් මේ වනවිට ඉල්ලීමක්ද කර ඇත.
මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිප දෙනකුම පැවසුවේ දැනටත් සේවයේ නියුතු ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගේ සංවාද සහ විශ්‍රාම ගොස් සිටින පද්මිණී රණවක විනිසුරුවරියගේ සංවාද දෙස බලන විට කුමන්ත්‍රණ චෝදනා පවා ගොනුවිය හැකි බවය.
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් සීඩී පට, හාර්ඞ් ඩිස්ක් ආදියේ ඇති දේ පිටපත් කිරීම සහ දත්ත පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා බ්‍ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ. එම පිටපත් ලැබුණු පසු එක් එක් පුද්ගලයන්ගේ හඬ පට වෙන වෙනම ගෙන කටහඬ සාම්පල් පරීක්ෂා කර, සැකකරුවන්ට වෙන වෙනම නඩු පවරනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!