”රන්ජන් බලන්න ගිය එක ගැන ලජ්ජා වෙනවා ..” මර්වින් සිල්වා

”රන්ජන් බලන්න ගිය එක ගැන ලජ්ජා වෙනවා ..” මර්වින් සිල්වා

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිටියදි බලන්න යෑම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව කැලණියේ හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පවසයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මර්වින් සිල්වා මහතා,
“මමත් මාස හතරක් හිරේ හිටියනේ.. අපි හිරේ ගිහින් අවා. ප්‍රශ්නයක් නැනේ මේ හොඳින් ඉන්නේ. දේශපාලන අනාගතේ හොඳ දෙයක් වෙයි. මම රංජන්ගේ ප්‍රවෘත්තිය බැලුවා. හිරු එකෙත් පෙන්නුවා, සිරසෙත් පෙන්නුවා,හැබැයි රංජන්ගේ වැඩේ මම අනුමත කරන්නේ නෑ. ඒ කියන්නේ උසාවි වල කාටහරි බලපෑම් කරලා,සිඅයිඩි එක්ක සාකච්ජා කරලා, දුමින්ද සිල්වා වගේ තරුණයෙක් ,ඔහුට අසාධාරණයක් වුනාද දන්නෑ. මන් දැක්කේ මේක ටිවී එකේ විතරයි. අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අධිකරණය කවදත් පක්ෂපාතිත්වයක් නෑ. අපක්ෂපාතිත්වය පවතින තැනක්. අධිකරණය බොහෝම ශ්‍රේෂ්ඨයි ලංකාවේ.
නමුත් ඒ ටෙලිෆොන් සංවාදය බැලුවහම මම කනගාටු වුණා රංජන් රාමනායක බලන්න යෑම ගැන. මම ගියා බලන්න ඒවා ඇහුවහම ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා හිතෙනවා. එකට මම බලවත් විරෝධය පානවා.දුමින්ද සිල්වා,මර්වින් සිල්වා,සජින් වාස් ,සරණ ගුණවර්ධන,අපි හතර දෙනා හිටිය නම් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා. මමත් ඡන්ද එක්ලක්ෂ හැට දාහක් ගත්තා. ලක්ෂ දෙක හමාරකින් පැරදුණේ. අපිට නොමිනේෂන් දුන්නේ නෑ. දුමින්ද සිල්වා හිටියා නම් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව එතුමත් ගන්නවා ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය. සජින් වාසුත් ගන්නවා,සරණ ගුණවර්ධනත් ගන්නවා. අපි හතර දෙනා ගන්නවා ලක්ෂ හතරකට වැඩිය” යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසා සිටියේය.

(Visited 172 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!